IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිසියට සතුටු හිතෙන ආරංචියකට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකා පොලිසියේ අතරමඟ නතර වී තිබූ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමේ අරමුණින් ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතත් 2020 වර්ෂයේදී කොවිඩ් - 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම සහ රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 - 2023 වසර වලදී වැඩ නිම කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති අපේක්ෂිත පරිදි අවසන් කිරීමට නොහැකි වී තිබෙන බව රජය පවසයි.

කොළඹ 2,කුමාරන් රත්නම් පාරේ පිහිටි කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන්ගේ විවාහක නිල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය,කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය,කොල්ලුපිටිය පොලිස් ස්ථාන ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීමේ ව්‍යාපෘතිය මෙලෙස අතරමග නතර වී ඇත.

එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරීමට හැකි වන පරිදි ඒවායේ මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමටත්, ව්‍යාපෘති අවසන් කිරීමේ කාල සීමාව 2024- 2027 දක්වා දීර්ඝ කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

පොලිසියට සතුටු හිතෙන ආරංචියකට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site