
(ඉන්දිකා රාමනායක)
මල්ලාවී ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක නිරත වෙමින් සිටි පොලිස් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනකු මල්ලාවි පොලිසිය මගින් අත්අඩංගුව ගනු ලැබ ඇත.
මුලතිව් කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (26) මල්ලාවී මංගෙයිකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක්කර. නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී නිලධාරීන් සැකකරුගේ නිවසේ පරීක්ෂා කිරීමට යාමේදී නිවසේ සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුනට, නිවස පරීක්ෂා කිරීමට ඉඩ නොදී පහර දුන් බව මල්ලාවි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd