IMG-LOGO

පොලිසියට කරාටි පෙන්නූ හැටදෙකේ කත අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

දේපල සොරා ගැනීමට සහ දේපළවලට අනර්ථයක් සිදු කිරීමට අදාළ පැමිණිල්ලක්  විභාග කිරීමට තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයට ඊයේ (25)   ගිය පොලිස් නිලධාරීන්ට  අතින් පයින් පහර දි ඇති  62  හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් සැකකාරියගේ නිවසට ගිය අවස්ථාවේ සැකකාරිය  ඇය අත්අඩංගුවට ගැනීමට පැමිණි ⁣කොස්තාපල්වරියගේ  අත අඹරා එය වළක්වා ඇති අතර , පහර දීම වැළැක්වීමට පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුට සැකකාරිය පයින් ගසා ඇතැයි පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම යන චෝදනා යටතේ සැකකාරිය එම  අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත 



අදහස් (0)

පොලිසියට කරාටි පෙන්නූ හැටදෙකේ කත අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1019 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site