
(අංජුල මහික වීරරත්න)ෙ
පාතාලය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වල කොතැනක හෝ පොලිස් නිලධාරියෙකුගේ සබඳතාවයක් ඇතැයි හෙළිදරව් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විෂ මත් ව්‍යසන පරදන " රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (30) අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ෙමේ කාර්යය කළ හැකි යැයි සමාජයේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා.මෙය පරාජය කරන්න නම් පොලිසිය සුද්ද කළ යුතුයි.පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්වූ යුගය මේ යුගයයි. ඔබ රැකියා සුරක්ෂිත බව නිල ඇඳුමේ ගෞරවය රැකගෙන ඉදිරියට යන්න.නැතිනම් ඉවත් වෙන්න.එහෙම නැතිනම් අප ඉවත් කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
මත් ද්‍රව්‍ය සම්බන්ධ අයව ඔවුන්ගේ පවුල් පිටින් ගමෙන් එලවන්න ඕන , ගල් ගහලා, ගල් වරුසාවක් එක්ක හෝ තියලා.
මත්ද්‍රව්‍ය ජාවරමුන්ට මරණ දඬුවම දෙන ලෙස ජනාධිපතිවරයාට බල කරමු, ඒක රටේ නීතිය නිසා නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා බැදී සිටිනවා.
බනි පෙරේරා මයාගේ අදහස වැරැදියි. රටේ නීති පද්ධතියක් තියනවා. නීති ක්‍රියාත්මක කරන ආයතන තිබෙනවා. එම ආයතන මෙහෙයවන්න, අධීක්ෂණය කරන්න ව්‍යාවස්ථාදායකය හා විධායකය ඉන්නවා. එතකොට, ගමේ සාමාන්‍ය ජනතාව නීතිය තමන් අතට ගෙන, වැරැදි කරුවන්ට දඬුවම් දීම නොකළ යුතුයි. ගල් ගහන එක, හූ තියන එක වනචර, අශිෂ්ඨ මැර ක්‍රියා. සදාචාර සම්පන්න සමාජයක ඒවා නොකළ යුතුයි. ඒ වෙනුවට කළ යුත්තේ, තමන් දන්නා තොරතුරු ඇතොත්, ඒවා නීති ක්‍රියාත්මක කරන ආයතනයකට දැන්වීමයි. අප සියලු දෙනා, ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට පෞද්ගලිකව උත්සාහ කල යුතුයි. වෛරී අදහස් පැතිරවීම නොකළ යුතුයි.
අර උසාවියෙන් මරණ දඩුවම දීලා තිබෙන මහා පරිමාණ කුඩු කාරයින්ට අදාල දඩුවම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඔබේ අත්සන පමණි. ඒක කරලා දැම්මා නම් මේවා බොහෝ දුරට පාලනය වෙනවා. ඔවුන් හිර ගෙදර ගතකරන්නේත් කුමාර ජීවිත.., රටින් පැන්නත් දුක සැප බලලා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරලා දෙන්න සිනමා නිළියෝ පවා පිටරට යනවා. මේවා දකින මිනිස්සු අපරාධ කරන්න යොමුවෙනවා. ඔවුන්ගේ කළු සල්ලි සුදු කරන්නේ නිළියෝ ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින්, මේක මහා විනාශයක්...
ලංකාවේ පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් බුදිද..? ඔවුන්ගෙන් සේවයක් සිදු වෙනවාද..?
මේක තමයි දේශපාලන ඇගිලි ගැසීම්... මේක පොලිසිය කරන්න ඕනේ. ආණ්ඩුව කියන විදිහට නොවේ. මේ කරන්නේ තමන්ගේ විරුද්ධ වාදීන් දඩයම් කරන්න යන එක. දැනුත් කරන්නේ ඒක.
ජනාධිපති එක තැනක කියනවා පොලිසිය හරි හොඳයි. ප්‍රස්නේ දේශපාලන අතපෙවීම් කියලා. දැන් මේ ප්‍රවෘත්තියේ කියනවා පොලිසිය හොඳ නැහැ. එක සුද්ද කරන්න ඕන කියලා. අපට නම් මේවට හතර හිනා.
පාර්ලිමේන්තුව සුද්ද කළා වගේද?
ගණ පිහිටුවලා පච විදින්නේ...
අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මේ ආණ්ඩුවට විතරයි ඒ ඕනකම තියෙන්නේ.
පැහැදිලිවම පේන දෙයක් තමයි පොලීසිය, හමුදාව සුද්ද කරන්න කලින් ජනාධිපති තමුන්ගේ පක්ෂේ සුද්ද කරන්න ඕනේ...
නිකමට අහන්නේ... තමන්ගේ පක්ෂය ඇතුළෙන්ම ඕක පටන් ගත්තොත් මොකද?
ඉක්මණට කරන්න හොදේ... තව අවුරුදු 4යි තියෙන්නේ.
මේ සදහා ශ්‍රමදානයක් පොලිසියේ අයටම කරන්න පුළුවන්...
යටත් වෙනු කිව්වා නම් වැඩේ ඉවරනේ .හරිම සරලයි
බුරුසුවක් අරගෙන දෙන්නම්...