(යොහාන් භාසුර)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හත් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
මෙම ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර ඊයේ (02) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ද සිටී.
අජිත් රෝහණ මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ ද කටයුතු කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මූණසිංහ මහතා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙසද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙසද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් හා පාරිසරික ලෙස ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී. එස්. එම්. ධර්මරත්න මහතා උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත හා වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත ලෙසද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා බැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඌව පළාත ලෙස ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද පත්කර තිබේ.
ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පති ජී. ඒ. එන්. එල්. විජේසේන මහතා මකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාවට නම් වැඩක් නැහැ මේවා
පොලිසිය දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතුයි.