
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ හිසට පොල්ලකින් සහ ගලකින් පහරදී තුවාල සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ
පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා නුවරඑළිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තෙරිපැහැප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රියදුරකු සහ අවුරුදු තිහක් වයසැති ගොවිතැන් කර ජීවිකාව ගෙන යන අයෙකි
තෙරිපැහැ සමෘද්ධි සංවර්ධන බැංකුව අසල දී පොල්ලක් අත ඇතිව සිටි පුද්ගලයකු සහ තවත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ගොස් ඇතැයි පොලිසිය පවසයි
මේ අවස්ථාවේ පොල්ලක් අතැතිව සිටි පුද්ගලයා සැරයන්වරයාගේ නිල ඇදුමෙන් ඇද එම එම පොල්ලෙන්හිසට පහර දී ඇති අතර අනෙකා ගලක් අතේ තබාගෙන එයින් කොස්තාපල්වරයාගේ මුහුණට හා හිසට පහරදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි
තෙරිපැහැ පොලිසියේ පොලිස් කණ්ඩායමක් පැමිණ පසුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ දෙදෙනකුට පොලු පහර