
(ගයාන් සූරියආරච්චි)
පොලිසිය අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිරාවරණය කරමින් විමර්ශන සිදු නොකරන ලෙස පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ.
පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ආකාරය විවිධ අවස්ථාවලදී පොලිස්පති චක්‍රලේඛ මගින් නිලධාරීන්ට උපදෙස් ලබා ඇති බවද සඳහන්වේ.
මෙම තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කර මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බවද පැවසේ.
COMMENTS
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න 2022-2-14 ඔය සම්බන්ධව යවපු නීත්‍යානුකූල චක්‍රලේඛ තිබියදි තවත් එම කාරණයටම චක්‍රලේඛ යවන්නේ පිස්සුද? හරි නම් කරන්න ඕන කලින් තිබ්බ චක්‍රලේඛයට අනුව දඬුවම් කිරිම නොවේද? තවත් වැඩ බැරි දාසයෙක් පොලිස්පති වෙලා. මිනිස්සුන්ට අබ සරණ තමයි ඉතින්...!
ඩ්‍රාමා බන්දු...
තවත් විකට ජවනිකාව්‍ක්.
පිස්සෝ රජ උනහම හැම එකාම පිස්සු කෙලිනවා
පොලිසියෙන්ම මාධ්‍යට දානවා
සිද්ධාලේප බන්දු දැන් චක්‍රලේඛ බඳු වෙලා
මෙහෙමත් නාට්‍යයක්...!
යන්නේ කොහේද මල්ලේ පොල්. ඔබ වැනි අයට කියලා තියන දේ තේරුම් ගන්න බැරි නිසා තමයි අද මේ රටට මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ. සාක්ශරතාව සහ අවබෝධය කියන්නේ දෙකක්. දෙයක් තේරුම් ගන්න බැරි වීම අවාසනාවක්..
චක්‍රලේඛ තියෙනව නම්, ඒවාට පටහැනිව කටයුතුකළ අයට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්නවා විනා, මාධ්‍යයට අලුත් නිවේදන අවශ්‍ය නැහැ. ඔය වැඩ වලින්, චක්‍රලේඛ උල්ලංඝනය කල අය මෙයා ගේම ගෝලයෙක් වන බව ඉඟි පලවනවා