IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

(රංජන් කටුගම්පොළ)

ව්‍යාජ සාක්කි නිර්මාණය කර වැඩතහනමකට ලක්ව සිටි පොලිස් පරික්ෂක සුදත් මෙන්ඩිස් මහතා යළි සේවයේ පිහිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී එම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන්  කොන්දේසි රහිතව සිය කනගාටුව ප්‍රකාශකර සිටන බව පොලිස්පති වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

අධිකරණ නියෝගයට අනුව පොලිස් පරික්ෂකවරයාට හිඟ වැටුප් සහිතව  යළි සේවයේ පිහිටුවන බව ද පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.පොලිස්පතිවරයා මෙම සැලකිරීම සිදු කළේ පොලිස් පරික්සක සුදත් මෙන්ඩිස්  මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම්  පෙත්සමකට අනුවය.

එස්.සුරේ රාජා, ප්‍රියන්ත ජයවර්ධන සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි. ශ්‍රේෂ්ඨාධරණ නියෝගයකට අනුව පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site