
(ජේ.ඉඳුරුවගේ )
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර බැල්ලියන් දෙදෙනකු පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
මෙසේ පැටවුන් බිහිකර ඇත්තේ පොලිස් නිල සුනඛ කන්ඩායම සඳහා එක් කිරීමට ඉකුත් 05 දා නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වූ Belgian Malinois, German Shepherd, English Springer Spaniel වර්ගයේ නිල සුනඛයන් 35 දෙනා අතර සිටි English Springer වර්ගයේ ටෙන්පර්ඩ් සහ ලියා යන ගැබ්බර සුනඛ දෙදෙනා විසිනි.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේදී උපත ලද මෙම පැටවුන් මෙන්ම බැල්ලියන් දෙදෙනා පොලිස් නිල සුනඛ කොට්ඨායේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉන්නෙත් වැඩි හරියක් පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට නොදන්න සුනඛ යෝ .පැටවුන්ට දාන්ඩ නම් නැත්නම් පොලිසියෙන් සහ දියවන්නාවෙත් හොයාගන්ඩ බැරිවෙන එකක් නැහැ .
මෙතරම්ම පැහැදිලිව පේනවා පොලිසිය හෝ රටේ වගකිවයුතු කිසිම කෙනෙක් අවශ්‍ය විශේෂ බල්ලන් අභිජනනය කිරීමට පියවර ගෙන නැතිව ආනයනය කරන්න පොලඹවන බව. තිත්ත ඇත්ත අත යට ගානට යටවීම සහ විදෙස් සංචාර වලට කෑදර කම.... දැන්වත් විශ්ව විද්‍යාල පශු වෛද්‍ය පීඨ වලට මුදල් වෙන්කර සත්ත්ව අභිජනනය ලංකාවේ ව්‍යාප්ත කරන්න...
පෙරහරේ අලි ඇත්තු ගෙනයාමට විරුද්ධව එන්ජිඕ කදුලු හෙලන අයියලා දැන් මේ ගැන මොකුත්ම කියන්නෙ නැද්දෝ
පැටව් වැඩිනම් ඔවුන්ව මැදමූලනේට ගිහින් දාන්ඩයි තියෙන්නේ .. බල්ලෝ එක්ක ලැගලා හොඳට පුරුදු කට්ටිය එහේ ඉන්නේ...