IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් වෙඩිල්ලෙන් අලියාට දිවි අහිමි වෙයි

(රුමේෂ් එම්. වීරසේකර)

දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී  පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකින් වන අලියෙකු මියගොස් ඇති බව ඇලහැර වනජීවී කාර්යාලය පවසයි.

එම වන අලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත මහතා සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ උස අඩි අටකින් යුත් අලියෙකි.

පොලීසියට අයත් ත්‍රීවිල් රථයෙන් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් කිහිපදෙනාට වන අලියා පහරදීමට යාමේදී  ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට වෙඩි තබා ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයිද කියයි.

වන අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කිහිපදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිසියට තමන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් ගිය මොහොතේදී එහි පොලිස් ස්ථානාධිපතිවරයා ,වන අලියාට වෙඩි තබා ඇත්තේ, මුර සංචාරයේ යෙදුණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා බව ප්‍රකාශ කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවද ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා  අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද සුනිල් මහතා කීවේය. 

සිද්ධිය පිළිබඳව බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් කීපදෙනා  ඇළහැර අඩවි ආරක්ෂක කාර්යාලයට භාරදීමට කටයුතු කරන බවයි.

 



අදහස් (10)

පොලිස් වෙඩිල්ලෙන් අලියාට දිවි අහිමි වෙයි

Asrar Friday, 16 August 2024 09:00 AM

මිනිස්සුත් සත්තු දෙගොල්ලන්ටම සමාන අයිතිවාසිකම් තිබෙනවා,,, කියන අය බලමු

:       6       32

Ajith Friday, 16 August 2024 09:25 AM

ඔවුන් බීමත්ව ඉදල තියෙන්නේ .

:       3       28

Pradeep Kumara Friday, 16 August 2024 09:47 AM

මිනිසා හැර අවසාන සත්වයාත් මිහි මතින් තුරන් වූ පසු, අවසාන වෘක්ෂයත් මිහිමතින් තුරන් වූ පසු මිනිසා නැමති සත්වයා වටහා ගනු ඇති ඒ දේවල වල වටිනාකම. නමුත් ඔහු ඒ වන විට බොහෝ ප්‍රමාදය.

:       3       25

ලුම්බිණි Friday, 16 August 2024 10:06 AM

මේ පොලිසි කාරයන් කෙසේ හෝ අත්අඩංගුවට ගත යුතුයි . ඉතාම කණගාටු දායක දෙයක් මේ සතාට කරලා තියෙන්නේ .

:       6       23

රංබොඩ Friday, 16 August 2024 10:35 AM

දඹුල්ල මාර්ගයේ මෙන්ම , බුත්තල කතරගම රජ මාවතේත් වන අලින් පාරට එනවා. එතනදි මිනිසාත් අලියාත් දෙන්නම අසරණ වෙනවා. මේ ප්‍රශ්නයට ස්තිර විසඳුමක් ලැබෙනතුරු අලි මෙන්ම මිනිසුන් ද තව තවත් අකාලයේ ජීවිත අහිමි කරගනීවි.

:       2       20

Bunny Preena Friday, 16 August 2024 10:39 AM

සාමාන්‍ය පුද්ගලයෙකු ජීවිත ආරක්ෂාව සඳහා අලියට වෙඩි තියලා තිබුනානම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා

:       0       30

සංජීව Friday, 16 August 2024 10:45 AM

මීට පෙර අවස්ථාවක තමන්වව මරන්න පස්සෙන් එළවගෙන ආපු අලියකුට වෙඩි තියල පන බේරගත්තු කෙනෙක්වත් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කලා නේද?

:       3       21

dasun Friday, 16 August 2024 11:15 AM

අලියා ආයුධ පෙන්නන්න එක්කන් ගියා කියන්නත් බැරි නෑ. පොලිසියේ ආතල්...

:       0       13

Prabha Friday, 16 August 2024 02:21 PM

ජිවිත ආරක්ෂාවට අලි වෙඩි තියන්න පුළුවන් පොලිසියට විතරයිද?

:       0       9

Galkotuwe Gedara Suneth Hemantha Kumara Friday, 16 August 2024 04:22 PM

ඔය පාරේ ඕනෑතරම් වීල් යනවා. රෑටත් යනවා බයික් පවා. ඒ යන මිනිස්සුත් තුවක්කු අරගෙන යයි... ආත්මාරක්ෂාවට කියලා. එහෙම ලොකු කරදරයක් වෙලා නෑ ඔය පාරේ. මේක වෙන සීන් එකක් වෙන්න ඕනේ...!

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site