(ඉන්දිකා රාමනායක)
මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අද (23) අලුයම අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කටුනායක මාදූව ප්‍රදේශයේ වගුරු බිමක් ආසන්නයේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි (40) එම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයකු බවත් අපරාධ සඳහා යොදා ගත් ආයුධ තොගයක් මාදුව වගුරු බිමක සඟවා ඇති බවට කළ ප්‍රකාශයකට අනුව පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ ඔහු එම ස්ථානයට රැගෙන ගිය බව පොලිසිය කියයි.
එහිදී සැකකරු සඟවා තබා තිබු අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී පොලිසිය සිදුකළ සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇති පොලිසිය කියයි.
සැකකරු එල්ල කර අත් බෝම්බය පුපුරා ගොස් නොමැති අතර විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය ද අද උදෑසන එම ස්ථානයට පැමිණ අත් බෝම්බය නිශ්ක්‍රීය කළ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි කරන්න ඔන. හොද වැඩෙ පොලිසියට බොම්බ ගහන්න හදනවට.