IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

(ඉන්දිකා රාමනායක)

මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අද (23) අලුයම  අත්අඩංගුවට   ගත් සැකකරුවෙකු කටුනායක මාදූව ප්‍රදේශයේ වගුරු බිමක් ආසන්නයේදී  පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි (40) එම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයකු බවත් අපරාධ සඳහා යොදා ගත් ආයුධ තොගයක් මාදුව වගුරු බිමක සඟවා ඇති බවට කළ ප්‍රකාශයකට අනුව පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ ඔහු එම ස්ථානයට රැගෙන ගිය බව පොලිසිය කියයි.

එහිදී සැකකරු සඟවා තබා තිබු   අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී පොලිසිය සිදුකළ සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇති පොලිසිය කියයි.

සැකකරු එල්ල කර අත් බෝම්බය පුපුරා ගොස් නොමැති අතර විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය ද අද උදෑසන එම ස්ථානයට පැමිණ අත් බෝම්බය නිශ්ක්‍රීය කළ බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

vira Thursday, 23 February 2023 03:39 PM

එහෙම තමයි කරන්න ඔන. හොද වැඩෙ පොලිසියට බොම්බ ගහන්න හදනවට.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site