IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයෙදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අන කළත් ඔවුන් එම අන නොතකා පොලිසිය දෙසට වෙඩි තබා පළා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිසිවලට දන්වා ඇත.

ඒ අතර ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාද විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර පැමිණි ත්‍රිරෝද රථයක් නවතන ලෙස අන කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහා කර ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය සැක ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයත් සමග දෙදෙනකු මියගොස් ඇති අතර තවත් අයකු අසල රබර් වත්තට පැන පාළාගොස් ඇතැයි පොලිසිය කියයි. 

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද සිද්ධිය වූ ස්ථානය අසල වැටී ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (5)

පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට

Perera Tuesday, 23 April 2024 07:48 AM

පොලිසිය කියන කතාව හරි වෙන්නත් පුළුවන්... ගොතපු කතාවක් වෙන්නත් පුළුවන්...

:       0       0

පුරවැසියා Tuesday, 23 April 2024 09:09 AM

ගස මුදුන් මුලෙන් උගුල්ලන්නේ නැතිව අතු කපා දැමීමෙන් පලක් නැත

:       0       0

Dinesh Tuesday, 23 April 2024 10:23 AM

අපරාධකරුවන් සමාජයෙන් තුරන්විය යුතුමයි. ඒත් මේ එක රැයට කටයුතු කිරීමේදී නිවැරැදි පුද්ගලයකු වුවත් වැරැදිකරුවෙක් ලෙස හංවඩු ගසා මරණයට පත්විය හැක...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 23 April 2024 12:18 PM

දැන්ම කියන්න බැහැ.. පොලිස් ප්‍රකාශකත් ඕකම කියාවි. හැබැයි සත්‍ය වෙනස්ම සිදුවීමක් වෙන්න පුළුවන්, මතකනේ කුරුණෑගල වඩුබාස්ට කිව්ව ඒවා...!

:       0       0

නිහාල් Tuesday, 23 April 2024 03:39 PM

නව පිටපතට ස්තූතියි. අපි කම්මැලිකමේ හිටියේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හොරණ වෙඩිතැබීමට වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයා ගනී
2024 මැයි මස 06 1 0

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දම


අද කාලගුණය
2024 මැයි මස 06 40 0

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ


වීසා ගාස්තු වැඩි වීමෙන් අවාසි රැසක්
2024 මැයි මස 06 246 0

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලං


විස්සයි 20 ලෝක කුසලානයට අපේ කෙල්ලෝ සුදුසුකම් ලබති
2024 මැයි මස 06 251 0

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (6) සමත් විය.


සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ
2024 මැයි මස 06 52 0

මෙරට අනාගත පරපුරේ ප්‍රධානම විභාග කඩඉමක් වන 2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ වේ.


ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා පැය නවයකට පසු බේරා ගැනෙති
2024 මැයි මස 06 1429 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 501 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1954 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1715 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site