IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් බසයට ගෙනා අලුත්ම ටයරය කොස්තාපල් විකුණලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් බස් රථයක පරණ ටයරය වෙනුවට සවිකිරීම කිරීමට ගෙනා අලුත් ටයරය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකුට විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරුගේ වැඩ අද (17) තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මූලික විමර්ශනයක් පවත්වා  පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම් කර ඇත්තේ කුරුණෑගල පොලිස් අධිකාරී 1 ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා විසිනි.

අලුත ගෙනා ටයරය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මාළුලොරි රථයක රියදුරෙකුට විකුණා පොලිස් බස් රථයේ පරණ ටයරය ගලවා ඒ වෙනුවට නැවත පිරවූ ටයරයක් සවිකර ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාට ලැබුණු තොරතුරක් මත කුරුණෑගල  කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් යොදවා කරන ලද පරීක්ෂණයකදී මේ බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මතකුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයුම යටතේ මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (1)

පොලිස් බසයට ගෙනා අලුත්ම ටයරය කොස්තාපල් විකුණලා

Bunny Preena Saturday, 18 March 2023 08:51 AM

බලාගෙන ගියාම ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ඉන්නේ හොරුනේ.. හොරකම ජාතික ප්‍රතිපත්තියක් වෙලා වගෙයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site