සමන් පාලිත නානායක්කාර 
 
හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අද  (15) හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන විදුහල් තුනක ළමුන් පාසලට නොවීමට දෙමාපියන් කටයුතු කර තිබේ. 
 
මෙසේ පාසල් වලට ළමුන් පැමිණ නැත්තේ වල්හපුතැන්න  ජාතික පාසලට හල්දුම්මුල්ල විදුහලට සහ හරංකහව විදුහලට බව දෙමාපියෝ පවසති.
 
කොරෝනා ආසාදිත වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට වල්හපුතැන්න  නිවසට පැමිණි අගමැති ආරක්ෂක අංශයට  අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරිනියකට බව මහජන සෞඛ්‍ය  පරීක්ෂක  කාර්යාලය කියයි .
 
කොරෝනා ආසාදිත කාන්තාවගේ සොයුරන් දෙදෙනෙකු එම විදුහල්වල ඉගෙනුම  ලබන  බවත්  ඇය  බොහෝ ස්ථානවල සැරිසරා ඇති බවටත් තොරතුරු අනාවරණය වන බව සෞඛ්‍ය  කාර්යාලය පවසයි. 
 
මේ වනවිට කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් 40 දෙනකු ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති බවද හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.