(සුජිත් හේවාජුලිගේ )
ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් තෝරාගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
මෙම නාමයෝජනා ජනාධිපතිවරයාට යැවීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ස්වාධීන කොමිෂන් සභා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම් කෙරෙන පුද්ගලයන් පත්කිරීමේ බලධාරියා වන්නේ ජනාධිපතිවරයාය.
මේ අතර සෙසු කොමිෂන් සභා සියල්ලද ඉදිරි සති දෙක තුළ පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා කීවේය.
කොමිෂන් සභා පත් කිරීම දීර්ඝ කාලයක් ප්‍රමාද වූයේ ඒ සම්බන්ධයෙන් අයදුම්පත් 2000ට ආසන්න සංඛ්‍යාවක් ලැබීම නිසා බව පැවසූ කතානායකවරයා ඇතැම් පුද්ගලයන් කොමිෂන් සභා නවයටම අයදුම්පත් යොමු තිබූ බවද සඳහන් කළේය.
මේ හේතුවෙන් සුදුස්සන් තෝරා ගැනීම දුෂ්කර වූ බවද ඔහු පැවසුවේය.
ස්වාධීන කොමිෂන් කොමිෂන් සභා සියල්ල පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇත්තේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව මුල් වරට රැස්වූයේ පසුගිය ජනවාරි මස 25 වැනිදාය.
අලුතින් පිහිටුවීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා වන්නේ මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් කොමිසමේ සාමාජිකයින් හරි