(ගයාන් සූරියආරච්චි)
ඉරණමඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී වෙඩි තබා ට්‍රැක්ටරය නවත්වා රියැදුරු ඇතුළු දෙදෙනකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මායානුර් වට්ටකච්චි ප්‍ර දේශයේ පදිංචි රියැදුරකු ඇතුළු දෙදෙනෙකි.
රාමනාදපුරම් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරයකු පෙරේදා (21) ඉරනමඩු, මායානූර් ප්‍රදේශයේ මාර්ගබාධක රාජකාරියේ නිතරව සිටියදී ගණදෙවි කෝවිල අසලදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් නැවැත්වීමට අණ කිරීමේදී එම ට්‍රැක්ටර් රථය පොලිස් අණ නොතකා පොලිස් නිලධාරීන් දෙදෙනා අනතුරට ලක්කිරීමේ අදහසින් ට්‍රැක්ටරය නොනවත්වා ධාවනය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd