(නිමන්ති රණසිංහ)
‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගිජන බලවේගය විසින් හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය.
උද්ඝෝෂකයින් සෞඛ්‍ය නිති රිතී උල්ලංඝණය කරන්නේ නම්, පොලිස් බලතල ප්‍රකාරව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළ අධිකරණය පොලීසිය කළ ඉල්ලීම ඉවත දැමීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් කොරෝනා රෝගයට අදාළව සෞඛ්‍ය ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව යමෙකු එය උල්ලංඝණය කරන්නේ නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් අධිකරණය සදහන් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විණී.
ඒ අනුව, බ්ලූමැන්ඩල්, කිරුළපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවිදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුදුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන 18න් කළ ඉල්ලීම් එලෙස ප්‍රතික්ෂේප විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කොවිඩ් රැල්ලක් හදලා රට නැත්තටම නැති කරලා දාමු නේද? ඡන්ද බලාගෙන කරන මේ මගඩිවලට රැවටෙන ජනතාව ඉන්නතුරු අපේ රටට ගොඩඒමක් නෑ. මොන පක්ෂය කළත් මෙවැනි දේ හැමදාම කළේ බොරුවෙන් ජනතාව මුලා කරලා බලයට ඇවිත් හොරා කාගෙන කාගෙන යන්න. එච්චරයි.
අම්මෝ පොලීසියට තියෙන උනන්දුව... අහිංසක මනුස්සයෙක් මිනී මැරුමක් ගැන පැමිණිල්ලක් දාන්න ගියත් කිසි වගක් නෑ... මිනීමරුවා එක්කගෙන වෙන දවසක එන්න කියනවා. මහජනතාවගේ බදු මුදලින් පඩි ගන්නේ කියලා හිතිලා වෙන්න ඇති මහජන ආරක්ෂාව ගැන මේ තරම් වදවෙන්නේ.
මහේස්ත්‍රාත් තුමා නියම තීන්දුවක් දීලා තියෙන්නේ.... ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධව නැගීසිටීමේ ප්‍රජාතාන්ත්‍රිය අයිතිය ලබාදී තිබෙනවා. උසාවි නැත්නම් මේ උද්ඝෝෂණ අයිතියටත් හරස් කපන්නයි ආණ්ඩුවේ වුවමනාව. හැබැයි සෞඛ්‍ය නීනිරීති අනුගමනය කිරීම උද්ඝෝෂණය කරන්නන්ගේ වගකීමක් බවද දැනගත යුතුයි.
ඔහේ කෑගහගහ ගියදෙන්.. කවදාද ගණන් ගන්නේ? අපි නොදන්නා සජබයින්..!
ආන්ඩුව නිකම්ම පිිචං වෙලා ඉවරායි .