(සුජිත් හේවාජුලිගේ)

පෝලිමෙන් පිට එන කිසිවෙකුටත් ඉන්ධන නොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලීසියට උපදෙස් දුන් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා  පැවැසීය

ඉන්ධන ලබාගැනීමට පෝලිමට පිටින් පැමිණෙන කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බවද  හෙතෙම  සදහන් කළේය

පෝලිමට පිටින් ඉන්ධන ලබාගැනීමට යෑමේදී කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවද  නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය

සමහර යතුරුපැදිකරුවන් පදිකවේදිකාවේ සිටීම හේතුවෙන් පදිකයින් දැඩි අසීරුතාවයට පත්වන  හෙයින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය යොදවා ඇති බව     සේනාධීර මහතා   වැඩිදුරටත් පැවසීය.