IMG-LOGO

පාලම් 97ක වැඩ කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ )

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්  කළ  වාර්තාවක සඳහන්වේ.

දැනට ක්‍රියාත්මක මට්ටමේ පවතින ග්‍රාමීය ඉදිකිරීම් ව්‍යාපෘති  111 කින්   පාලම් හැටක ප්‍රගතිය සියයට පනහක අඩු මට්ටමක පවතින බවද   එම වාර්තාව සඳහන් කරයි.

මේ අතර  2021 වර්ෂයේදී ග්‍රාමීය පාලම් හාරසිය හැට හයක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් පිරිනමා තිබූ නමුත්  වැඩ නිම කර තිබුණේ ග්‍රාමීය පාලම් 84ක පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද මහනුවර උමං මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය  පාරිසරික බලපෑම තක්සේරු කිරීම සඳහා පසුබිම් වැඩ කටයුතු සකස් කර තිබුණද 2023 වර්ෂයේදී පාරිසරික බලපෑම් තක්සේරුව පමණක් අවසන් කර තිබූ බවත්  ඒ සඳහා කෝටි අටකට ආසන්න මුදලක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගෙවා තිබූ බවත් එහි සදහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ තොරතුරු වාර්තාවේය.



අදහස් (0)

පාලම් 97ක වැඩ කොටඋඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 333 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site