
මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ බිනාලිව් කුණු කන්ද ඊයේ (08) දින කුණු කන්දක් කඩා වැටීමෙන් 22 හැවිරිදි කාන්තාවක් මිය ගොස් 38 දෙනකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සුන්බුන් අතරින් තුවාල ලැබූ සනීපාරක්ෂක සේවකයන් 12 දෙනකු බේරාගෙන ඔවුන්ව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
විපතට පත් වූවන්ගෙන් බොහෝ දෙනකු කුණු කන්දේ සේවකයන් යැයි විශ්වාස කෙරේ. කුණු කන්ද කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
"අතුරුදහන් වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් උපරිමයෙන් උත්සහ කරමින් සිටින බවට සෙබු නගරාධිපති නෙස්ටර් ආර්චිවල් අද (09) දින සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කැණීම් යන්ත්‍ර, ගිලන් රථ සහ ගිනි නිවන රථ කිහිපයක් ද එම ස්ථානයේ කටයුතු සඳහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
බිනාලිව් කුණු කන්ද හෙක්ටයාර 10ක් (අක්කර 25ක්) පමණ වේ.

COMMENTS
මෙහෙත් කුණු කඳු කඩා වැටිලා මිනිස්සු මැරුණා. ඒ කාලේ බොහොම සංවේදීව දේසනා පවත්වපු අය අද ආණ්ඩුවේ. ඒත් තාමත් අපේ රටේ කුණු කඳු තියනවා, කුණු ධාරිතාව ඉක්මවලා දාන්න තැනක් නැති තැන තවමත් දිගින් දිගටම ගොඩ ගහනවා. සැකයක් තියෙනවා නම් නුවර කුණු කන්ද බලන්න. ඔන්න රටේ වැඩ වෙන හැටි...