(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව, ලක්‍ෂ උයන ශ‍්‍රී වේලූවන විවේකාරාම විහාරස්තානයේ වැඩ වසන හිමිනමකට කිසියම් පුද්ගලයකු පහරදිමෙන් තුවා ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
උන් වහන්සේ වැඩසිටි ආවාස ගෙට ජනේලයකින් මෙදින අලූයම 1.15ට පමණ ඇතුළු වූ සැකකාර පුද්ගලයා යකඩ පොල්ලකින් පහර පැන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
එම ප‍්‍රහාරය එල්ලවීමෙන් තුවා ලැබූ හිමියන් ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත මෙම පහරදීම සිදුකල බව කියන පුද්ගලයා පොලොන්නරුව, ලක්‍ෂඋයන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී ඇති බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලීසිය මඟහැර සැඟව ඇතැයි ද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් සමහරවිට ලවුඩ්ස්පීකර් හුටපටයක් වෙන්න ඇති.. දැන් එන්න එන්නම අධික ලවුඩ්ස්පීකර් සද්ද සම්බන්ධයෙන් ආගමික ස්ථාන සහ ඒවා යාබදව ඉන්නා පදිංචි කරුවන් අතර ඝට්ටන ඇතිවෙන බවක් පෙනෙන්න තියෙනවා.
වේලාවට යකඩ පොල්ලකින් ගැහුවේ.., කකුල් දෙක බැඳලා ගඟට දැම්මේ නැහැනේ...
දැන් හැම ගෙදරකම ටී.වී, රේඩියෝ, ෆෝන් තියෙනවා. ඕනෑ කෙනෙකුට තමන්ට කැමැති එකක් දාගෙන අහන්න පුළුවන්.. අමුතුවෙන් ලවුඩ්ස්පීකර්වලින් බෙරිහන් දෙන්න ඕනෑ නෑ. බලහත්කාරයෙන් අස්සවන්න ගියාම තමයි මෙහෙම දේවල් වෙන්නේ...
මේකේ හැමෝම පහරදීම ගැන උපකල්පනයක් හදාගෙන හාමුදුරුවන්ට බනිනවා. උන්වහන්සේට පහරදීලා තියෙන්නේ මතට ඇබ්බැහි වුණු පුද්ගලයෙක්, හොරකමක් කරන්න පංසලට පැනපු වෙලාවේ... පුදුම මෝඩ හැතිකරයක් තමයි ප්‍රතිචාර දාන්නේ මේකේ. ඒ හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා!