ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජික රටවල් පෝලන්තයට එල්ල වූ රුසියාවේ නිෂ්පාදිත මිසයිලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව එම මිසයිලය රුසියාව එල්ල කළ එකක් නොවීමට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.
ඉන්දුනීසියාවේ බාලි නුවර සිටින ජී20 රාජ්‍ය නායකයන් පෝලන්තයට එල්ල වූ මිසයිලය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව ජෝ බයිඩන් මේ බව පවසා තිබේ.
යුක්රේන සහ පෝලන්ත බලධාරීහු එල්ල වූ මිසයිලය රුසියාවේ නිෂ්පාදිත එකක් බව ප්‍රකාශ කළේය.
රුසියාවෙන් මිසයිලය එල්ල කළ බව පැවසීමට ඉක්මන් වැඩිදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ මිසයිලයේ ගමන් මග වෙනත් දෙයක් පවසන බවත් විමර්ශනය අවසන් වනතුරු මිසයිලය රුසියාවෙන් එල්ල කළ එකක්ද නැද්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවත් ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.
ජෝ බයිඩන් ගේ මෙම ප්‍රකාශ තවත් ප්‍රශ්න ගණනාවක් මතු කර ඇති බවත් ධවල මන්දිරයෙන් පැහැදිලි කිරීමක් ලබා දී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
034
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි
sampath Thursday, 17 November 2022 11:44 PM
අපි වගේ රටක් .කැටපෝලයකින් හරි විද්දානම් බලාගන්න තිබුනා රුසියාවට බයේද මන්දා මෙහෙම ශේප් වෙන්නේ.මිනිස්සු මරන්න මිසයිල හදන්නේ නැතිව මිනිස්සු ජීවත් කරන්න දේවල් හැදුවානම් ඔය එක ප්‍රශ්නයක්වත් නෑ