
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගන්නට කොහේවත් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රහුමාන් මහතා මෙසේද කීය.
ජනපති කතාවක් කරමින් ඉදිරියේදී දෙන්න යන සහන ගැන සඳහන් කළා.නමුත් අද රටේ හාල් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා.වෙළඳපොලේ හාල් වැඩි ගණනට විකිණීම නිසා බොහෝ ආහාර වල මිල වැඩිවී තිබෙනවා.ජනපති මේ රටේ හාල් මෝල් හිමියන් සමඟ වට පහක් විතර සාකච්ඡා කළා.අන්තිමට 220ට තිබුණු පාලන මිල රුපියල් දහයකුත් වැඩි කරලා 230ට විකුණන්න අවස්ථාව ලබා දුන්නා.
මෙහෙම අවස්ථාවක් දුන්නත් තවම වෙළඳපොලේ හාල් හිඟයක් තිබෙනවා.230ට පාලන මිල තිබුනත් තාම නාඩු හාල් විකුණන්නේ 250 ට.කීරි සම්බා 260 යි කිව්වත් වෙළඳපොලේ මිල 280යි.රතු කැකුළු දෙසිය විස්සයි කිව්වත් වෙළඳපොලේ 250යි.
ඒ කියන්නේ ආණ්ඩුව එක පැත්තකින් පාලන මිලක් දැම්මත් තාම මේ රටේ ඉන්න හාල් මෝල් හිමියන් හාල් විකුණන්නේ තමන්ට අවශ්‍ය මිල ගණන් වලටයි.
හාල් මිල පාලනය කරන්නට ආණ්ඩුව රට හාල් ගේනවා.ඒක හොඳ තීන්දුවක්. නමුත් මුලින් ආණ්ඩුව එනකොට කිව්වේ රටින් හාල් ගෙනෙන්නේ නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන් අපේ පැත්තේ...
එව්වා කිව්වේ පුන්නක්කු 69 ලක්ෂයේ අන්දන්න හලෝ...!
ඊයේ මම කීරි සම්බා ගත්තා 260 ගානේ...
පාලන මිලට හාල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බිත්තර රුපියල් 30යි, පොල් 130-150යි. මෙයා ඉන්නේ කොළඹ නෙමෙයි වගේ. කොළඹ හැමතැනම මිල අඩුයි. දේශපාලන පටු මානසිකත්වයෙන් වැඩ කරාම ඔහොම තමයි...
මෝල් සහ ගොවීන් වඩා රසවත් කීරි සම්බ කවන්න උත්සාහ කරනව. ඔයගොල්ලෝ පුන්නක්කු වගේ ආනයනය කල නාඩු කන්න හදනව.... ඉල්ලන්න ඕන නාඩු මිලට කීරි සම්බ හෝ සම්බ හාල් දෙන්න කියල....
සහල් නම් ප්‍රශ්නයක් නෑ. ළුණුත් දැන් ආනයනය කරන්න යනවා.
තියෙනවා. සුදු කැකුළු 220