(අංජුල මහික වීරරත්න)
රජයේ වෙළෙඳ ආයතන වලත් පාලන මිල ඉක්මවා භාණ්ඩ විකුණන නමුත් ඊට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
පෞද්ගලික අංශයේ වෙළඳසැල් ගබඩා සහ මෝල් වලට රජයේ කණ්ඩායම් කඩා පනින අයුරින් ආණ්ඩුවේ තැන් වලටත් කඩා පැන පාලන මිල ක්‍රියාත්මක වෙනවා දැයි සොයා බලන ලෙසද පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ පාලිත රංගෙ බණ්ඩාර මහතා කීවෙි 77යුගයේ පෝලිම් අත්දැකීම් අලුත් පරපුරටත් දීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"චිරාත් කාලයක" සිට අප රටේ විරුද්ධ පට්ටියේ ප්‍රධානතම රාජකාරිය වනාහි සෑම රෙද්දකම අඩුවක්, වරදක් දැකීමයි. දැන් බලයේ ඉන්න අය විරුද්ධ පට්ටියේ ඉන්නා විට කළේත් දැන් මේ විරුද්ධ පට්ටියේ අයගේ කාර්ය භාරයමයි. මේ "රංගේද" රඟන්නේ එලෙසමයි... මේ අප රටේ "සියලුම දේශපාලුවන්ගේ ඥාණය" පිළිබඳ තිබෙන ගැටලුවකි...
කාට කියන්නද මේවා..? සර්ගේ අලුත් නාඩගම...
වොඩ්කා බෝතල්වල දාපු වතුර තියනවා, දෙන්නද???
මෙන්න මෙයා නින්දෙන් ඇහැරිලා බකබක ගානවා. තවත් රඟපාන්න නම් එපා...
මම ඊයෙ ගත්තා සීනි 125යි. රතු කැකුළු 95යි, කීරි සමිබා 125යි. කිසිම හිඟයක් තිබුණේ නැහැ.
ආණ්ඩුවේ තැන්වල නැහැ කියන්නේ කොහොමද? දිගට දිගේ පෝලිම් තියෙනවා නේද? මේ බණ්ඩාර මහත්තයෝ 77 කාලේ පෝලිම් තිබුනේ.. එතෙක් පැවැති රජය පෙරලීමට ජනතා පෝලිම තමා. ආහාරවලට, ටෝච් බැටරි කෑල්ලට, බයිසිකල් ටයරයක් ගන්න (පැරණි ටයරය කරේ දමාගෙන) බිරිඳට චීත්තයක් ගැනීමට ගොවියාට අමුඩ ලේන්සුවක් ගැනීමට කාඩ් පතට පාන් භාගයක් ගැනීමට පෝලිමවල ඉන්න සිදුවුනේ 1970 හා 1977 අතර කාලයේ පමණයි.