
(යොහාන් භාසුර)
පොල්තෙල්වලට ෆාම්ඔයිල් මිශ්‍රකර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට තොග වශයෙන් සැපයූ කුලියාපිටිය, තෙල්බදුගම්මන ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක් වටලා එහි අලෙවි කිරීමට නියමිතව තිබූ පොල්තෙල් ලීටර 2,000 කට ආසන්න ප්‍රමාණයක් විකිණීම තාවකාලිකව අත්හිටු වූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුල පිහිටා තිබෙන තොග වෙළදසැලක පොල්තෙල්වලට පාම් ඔයිල් මිශ්‍ර කර විකුණන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් වැටලීමක් කළ බවත් ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙදසලට පොල්තෙල් රැගෙන විත් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පොල්තෙල් නිෂ්පාදන ආයතනයකින් යයි හෙළිවූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම වෙළදසලෙන් පොල්තෙල් සහ ෆාම් තෙල් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇත්තේ තෙල් පිරවූ එකම ටැංකියකින් බවට ද තොරතුරු අනාවරණයවී ඇති බව කී එම උසස් නිලධාරියා එම වෙළදසලෙන් සිල්ලර වෙළදසල්වලට අලෙවි කරන තෙල් කෑන්වල අදාල තෙල්වල නිෂ්පාදන තොරතුරු කිසිවක් සටහන්ව නොතිබූ බව ද සඳහන් කළේය.ෙ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට වස කවන එක අපරාධයක්. මෙව්වාට නීති අලූත් කරලා උපරිම දඬුවම් දිය යුතුයි. උසාවි දාලා දඩයක් නියම කරලා වැඩක් නැත...
පොල්තෙල් බෝතලේ ගානයි, පොල්ගෙඩි වල ගණනුයි බැලුවාම පොල්තෙල් කලවම් නැත්නම් ඒවා විකුණනවා ඇත්තේ 75%ක් විතර අතින් කයිට් කරගෙන පාඩුවට...!
Palm oil වලට පාම් ඔයිල් කියාගන්න බැරුව ෆාම් ඔයිල් කියල කියන එක එකක්. ඒක ෆාම් ඔයිල් කියල ලියන එක අමුතුම පිස්සුවක්.