
(ඩයනා උදයංගනී)
පොලීතින් සහ ප්ලාස්ටික්වලින් නිපදවන තවත් ද්‍රව්‍ය ගණනාවක් ඉදිරියේදදී තහනම් කිරීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කමිස ඇසුරුම්වල ඇති ප්ලාස්ටික් කටු, එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි, ආහාර පෙට්ටි, යෝගට්, අයිස්ක්‍රීම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන්, පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන පොස්ටර්, දැන්වීම්, කටවුට්, බීම බට හා බීම කලතන පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි කවර, ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග්, මිලිලීටර 400ට අඩු කුඩා බෝතල්, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම, පළතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන දවටන, ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට අඩංගු පුද්ගලික සෞඛයාරක්ෂණ ආලේපන, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු, හැඳි හා කෝප්ප ආදිය මෙම තහනම් කරන ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම නිෂ්පාදනයන් ද කඩිනමින් තහනම් කිරීමට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ෂැෂේ පැකට්ටු ආදී පරිසරයට හානිකර නිෂ්පාදන වර්ග පහක් පරිසර අමාත්‍යාංශය විසින් ඉකුත් මාර්තු 31 දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
දෙවන තහනම් කිරීමේලැයිස්තුවට අයත් භාණ්ඩ බහුතරයක් සඳහා පරිසර හිතකාමී, මෙන්ම ඉක්මනින්ම දිරාපත්වන විකල්ප යොදාගෙන නිෂ්පාදනය කළ හැකි බව කී ඇමතිවරයා ඒවා පොලිතීන් හා ප්ලාස්ටික් යොදාගෙන නිපදවීම නිසා දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බව ද සඳහන් කළේය.
නිදසුනක් ලෙස ඉඳිආප්ප සැකසීම සඳහා යොදාගන්නා ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු වෙනුවට වේවැල් හා ඉඳි කොළ ආශ්‍රිතව ඒවා සැකසිය හැකි බව කී මහින්ද අමරවීර මහතා ප්ලාස්ටික් භාවිතයට පෙර අපේ රටේ බහුල වශයෙන් යොදා ගන්නා ලද්දේ වේවැල් හා ඉඳි කොළ බව ද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කැටයම් කලා සහිත කතා අප නිතරම ශ්‍රවණය කරනවා පමණක් බැවින් කතාව අඩුකර ක්‍රියාවෙන් තමන්ගේ වැඩ පෙන්වන ලෙස "මහජන මුදලින් ජීවිතේ ගෙවන මේ ඇමතිට කීමට කැමැත්තෙමු".
"ප්ලාස්ටික් තහනම හොඳ දෙයක්... ඒත් එය මේ අවස්ථාවේ නොකළ යුතු දෙයක්. පළමුව කොරෝනා තුරන් කර ජන ජීවිතය සුරක්ෂිත කරන්න"... යනුවෙන් අදහස්ද, මාධ්‍ය නිවේදන වුවද ලියවිය හැකිය. එහි 'සර් ෆේල්.. හොඳට තිබුණු රටක්... අපට ගිය කලක්'‘ යන වැකිය ද සටහන් වන්නට පුළුවන්...
කොයි කාලේ ඉඳන්ද ඔය මගුල තහනම් කරනවා කියකියා කෙපර බාන්නේ...?
අවුරුදු ගාණක් තිස්සේ මෙි දේවල් ඇහෙනවා
මෙම රටේ ජීවත් වන සියලු ම පුරවැසියන් මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සහාය දිය යුතුය. එමෙන් ම කඩදාසි සහ කාඩිබෝඩ් යොදා ගත හැකි ඇසුරුම් සදහා ප්ලාස්ටික් ඇසුරුම් යෙදීමත් තහනම් කළ යුතුය.
ඔබතුමා මේ පොලිතීන්, ප්ලාස්ටික් ගැන කතා කරනවා.. පොඩ්ඩක් අර ගිනිගන්න නෞකාවෙන් රටට වෙච්චි පරිසර විනාශය බලන්න. අද වෙනකොට අපේ දරුවෙකුට මාලු කෑල්ලක් කන්න අවුරුදු ගාණකට බැහැ. ඉස්සරහට මේ නෞකාවෙන් තෙල් කාන්දු වුණොත් අපේ මුලු මුහුදු වෙරළම ඉවරයි. මේ දේවල් වලට කවුද වගකියන්නේ?
බෝල්පොයින්ට් පෑන් භාවිතා කර ඉවත දැමීමෙන් සිදුවන පරිසර හානියත්, විදේශ විනිමය නාස්තියත් අවම කිරීමටත් කටයුතු කරන මෙන්, වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා දියුණු රටවල මෙන් බෝල්පොයින්ට් රීෆිල් භාවිතා කිරීමට අපගේ දරු පරපුර හුරු කරමු. බෝල්පොයින්ට් රීෆිල් ආනයනය කිරීමට හෝ නිපදවීමට දේශීය ව්‍යාපාරවලට කරුණාකර අතහිත දෙන්න.
මුලින්ම විකල්ප හඳුන්වා දෙන්න. පස්සේ ඒවා සාර්ථක නම් පොලිතීන් නිෂ්පාදනය තහනම් කරන්න.