
(ජනුර් කිචිලාන්)
දිට්වා සුළි කුණාටුවත් සමඟ ගංවතුර නායයාම් හේතුවෙන් පොල්ගහවෙල රෝහල් කන්ද නාය යාමෙන් පොල්ගහවෙල රෝහලේ එක් වාට්ටුවකට හා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නිල නිවාසට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් නේවාසික රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලික නවතා ඇති බව පොල්ගහවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දුමින්ද අල්විස් මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රෝහල් භූමිය පරීක්ෂා කර නිර්දේශයක් දෙනතුරු නේවාසික ප්‍රතිකාර සිදු නොකරන අතර රෝගීන් පරීක්ෂා කිරීම හා ඖෂධ ලබාදීම පමණක් දැනට සිදුවන බවත් ඉදිරි දින කීපය තුළදී එම පරීක්ෂණ කටයුතු සිදු කරනු ඇතැයි වෛද්‍ය දුමින්ද අල්විස් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd