(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කුරුණෑගල ඇතුළු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සුදු මැස්සාගේ රෝගයට ගොදුරු වී තිබෙන්නේ යැයිද කඩිනමින් නිසි පිළියමක් නොයෙදුවොත් ඉදිරියට දැඩි අර්බුදයක් ඇතිවිය හැකි යැයි ද සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ප්‍රශ්නය විසඳීමට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගේ අවංක ගෝලයා වන වජිර අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූයේ සුදු මැස්සා ගේ රෝගය බෝවීම නිසා රටවල් ගණනාවක පොල් වගාවට ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවයි.
මෙම ප්‍රශ්නය විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන්නැයි ඉල්ලා සිටි ජයසේකර මහතා නිරිතදිග මෝසම එන විට විශාල වශයෙන් මෙම මැසි උවදුර පැතිර යා හැකි බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොල් ඉවරයි. හොඳ වැඩක් ඒකට නොකළොත්...
මහත්තයෝ කුරුණෑගල පොල් වගාව ගැන කියන ගමන්ම කියන්නකෝ කුරුණෑගල නගර සභාව හදපු කඩ කාමර, ඔයගොල්ලන්ගේ පක්ෂයේ කට්ටියයි, පොහොට්ටුවෝයි, අයියෝ සිරිසේනගේ කට්ටියයි එකට එකතුවෙලා බෙදාගත්තු විදිය ඔය තුන් ගොල්ලෝම එකම වල්ලේ පොල්....