(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කුරුණෑගල ඇතුළු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සුදු මැස්සාගේ රෝගයට ගොදුරු වී තිබෙන්නේ යැයිද කඩිනමින් නිසි පිළියමක් නොයෙදුවොත් ඉදිරියට දැඩි අර්බුදයක් ඇතිවිය හැකි යැයි ද සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ප්‍රශ්නය විසඳීමට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගේ  අවංක ගෝලයා වන වජිර අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූයේ  සුදු මැස්සා ගේ රෝගය බෝවීම නිසා රටවල් ගණනාවක පොල් වගාවට ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවයි.

මෙම ප්‍රශ්නය විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන්නැයි ඉල්ලා සිටි ජයසේකර මහතා නිරිතදිග මෝසම එන විට විශාල වශයෙන් මෙම මැසි උවදුර පැතිර යා හැකි බව සඳහන් කළේය.