
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන රෙජිමයට අයත් නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්‌ථාන තුන වෙත ඇමෙරිකානු හමුදා සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවත් ඉරානය සතු යුරේනියම් බල ගැන්වීමේ හැකියාව නැති කිරීම සහ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන ලොව ප්‍රධාන රට ලෙස ඉරානයෙන් ලෝකයට එල්ල වන න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම එම ප්‍රහාරයන්ගේ අරමුණ වූ බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් පස්වරුවේ ප්‍රකාශ කළේය.
ප්‍රහාරයන් අතිශය සාර්ථක වූ බවත් නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කර දැමීමට හැකියාව ලැබුණු බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.
ඉරාන රෙජීමය ඇමෙරිකාවේ ප්‍රහාරය විඳ දරා ගත යුතු බවත් එසේ නොවුණහොත් අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රහාරයක් ඇමෙරිකාවෙන් ඉරානයට එල්ල වනු ඇති බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.
එම ප්‍රහාරයන් මීට වඩා පහසු වනු ඇති බවද ජනපති ට්‍රම්ප් පැවැසුවේය. නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ප්‍රහාර එල්ල කිරීමට අපහසුම ඉලක්කයන් වූ බවත් ඉරානයේ තවත් ඉලක්ක තිබෙන බව රෙජීමය මතක තබාගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
එම ඉලක්ක වේගය, නිරවද්‍යතාව සහ කුසලතාව මත මිනිත්තු ගණනක් තුළ විනාශ කර දැමිය හැකි බවද ඔහු පැවැසුවේය.
අවුරුදු 40 ක සිට ඉරානය, ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ විනාශය බලාපොරොත්තු වන බවත් ඉරානය මාර්ගවල ඇටවූ බෝම්බ පුද්ගලයන්ගේ අත් පා පවා නැතිකර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉරානයේ වෛරය හේතුවෙන් ඇමෙරිකානු වැසියන් 1000 කට පමණ ජීවිත අහිමිවී තිබෙන බවත් මැද පෙරදිග සහ ලෝකයේ දස දහස් ගණනකට ජීවිත අහිමි වී තිබෙන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.
ඉන් බොහෝ පිරිස ඉරානයේ ජෙනරාල් කසීම් සොලෙයිමානි විසින් ඝාතනය කරනු ලැබ ඇති බවත් තමන් මීට බොහෝ කලකට පෙර ඉරානයට මෙලෙස හැසිරීමට ඉඩ ලබා නොදෙන බව තීරණය කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට තමන් සුබ පැතීමට කැමැති බවත් ඊශ්‍රායලයට ඉරානයෙන් එල්ල වන තර්ජනය නැති කිරීම සඳහා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත් ඔහු පැවැසුවේය.
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ කණ්ඩායම් හැඟීම තමන් මීට පෙර දැක නොතිබූ බවද ජනපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම තමන් ඊශ්‍රායල හා ඇමෙරිකානු හමුදාවට ස්තුති කිරීමට කැමැති බවත් ලෝකය දශක ගණනකින් දැක නොතිබූ සාර්ථක මෙහෙයුමක ඇමෙරිකානු හමුදාව සාර්ථකව අවසන් කළ බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.
මින් ඉදිරියට පසුගිය දවස් 8 තුළ දැක නැති සාමයක් හෝ ඛේදාන්තයක් ඉදිරියේදී ඉරානය තුළ ඇති වනු ඇති බවත් එය තීරණය කළ යුත්තේ ඉරානය බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව ක්‍රියාත්මක කළ මෙහෙයුම ලෝකයේ කිසිම හමුදාවකට ක්‍රියාත්මක කළ හැකි නොහැකි බවද ඔහු පැවැසුවේය.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘ප්‍රහාරයන් අති සාර්ථකයි‘‘
ජයනාත් Sunday, 22 June 2025 01:48 PM
ලොව ලොකුම ත්‍රස්තවාදීන් ඉන්නේ ඊශ්‍රායලයේ. ගාසා වලට කරන දේ පේන්නේ නැත්ද ට්‍රම්ප්ට...? අහිංසකයෝ කීදෙනෙකු මැරිලද? ළමයි කරපු වැරැද්ද මොකක්ද? ඉරානයෙන් දෙගොල්ලන්ටම පාඩමක් කියලා දෙයි.
MD Sunday, 22 June 2025 03:17 PM
මින්පසු ඇමරිකානු, ඊශ්‍රායල ජාතියන්ට වන හානියට මොහුත් බෙන්ජමින් නෙතන්යානුත් වග බලා ගත යුතුව ඇත.
prasanna Sunday, 22 June 2025 04:10 PM
ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ලෝකයටම පුදුම කරදරයක් වෙලා තියෙන්නේ...
de silva berlin Sunday, 22 June 2025 04:12 PM
පුටින් කළත්, ට්‍රම්ප් කළත්, නෙතන්යාහු කලත් රටවල් ආක්‍රමණය කිරීම, නිකරුනේ මිනී මැරීම, දේපල හානි කිරීමට විරුද්ධ වෙමු...
Nihal Dharmatileke Sunday, 22 June 2025 04:17 PM
මෝඩයෙක් බෝම්බ ගසයි... යුදෙව් මෝඩයෙක් අත සෝදාගනී...
Nandalal de Silva - France Sunday, 22 June 2025 07:57 PM
ලොවේ අංක එකේ, ආගමේ, දෙයියන්ගේ නාමෙන්, ගිනි අවියෙන්, බෝම්බ ප්‍රහාර වලින් කප් ගසා සිටින, මොලේ නැති මෝල්ලන්ට මෙවර යස අගේට ප්‍රායෝගික පාඩමක් ඉගැන්වීමට ඇමරිකාව නිර්භීතව ඉදිරිපත්වීම ගැන සාමකාමී ලොක ජනතාව සතුටු වෙනවා ඇත. ඊශ්‍රායලයට ආධාර සැපයීමට තෙවැනි පාර්ශවයක් පැමිණියහොත්, පාකිස්තානය ක්ෂණිකවම ඉරානය වෙනුවෙන් න්‍යෂ්ඨික අවි පවා පාවිච්චි කරන බවට වහසිබස්, පූච්චම් දෙඩූහ. කෙසේ වුවත්, දැවැන්ත ප්‍රහාර වලට ලක්වූ මොලේ නැති මොල්ලන්ට අන්තිමට බල්ලෙක් වත් පිහිට වුණාද? පාකිස්තානයේ මොලේ ඇති මොල්ලන්, ඉරානයේ මොලේ නැති මොල්ලන් මෙන් හොල්මන් නොකරන බව මින් පැහැදිළිවම පේනවා...