IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පරිසරය සුරුකීමට කැපවූ 90 දෙනකුට ජනපති අතින් සම්මාන

(අංජුල මහික වීරරත්න)

ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් කළ නොහැකි බවත් පරිසරය දූෂණය කිරීමට වඩාත්ම වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම හරහා ඊට දායකවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවති 2021- 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි. 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ "ජනාධිපති පරිසර සම්මාන 2021-2022" උළෙලේදී කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති සහ ආයතන, ජනමාධ්‍ය හා සමාජ යන ප්‍රධාන අංශ යටතේ 90 දෙනකු වෙත රන්, රිදී, ලෝකඩ කුසලාන හා සම්මාන පිරිනැමිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන් සම්මාන ප්‍රදානය කරනු ලැබූ අතර පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු ඵලකයක් පිළිගන්වනු ලැබීය.

සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන් සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.



අදහස් (3)

පරිසරය සුරුකීමට කැපවූ 90 දෙනකුට ජනපති අතින් සම්මාන

Perera Saturday, 29 April 2023 09:06 AM

ඔය එක්කෙනෙක්ටවත් වඩා රන් සම්මානයක් දිය යුතු වන්නේ දේවානි ජයතිලක මහත්මියටයි.

:       0       3

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 29 April 2023 11:17 AM

සජබ ආසන සංවිධායක නයනක රුවන්වැල්ලට (පරිසරවේදියකු කියන) මොකුත් නැද්ද?

:       0       0

chandani Saturday, 29 April 2023 06:51 PM

මෙතන ඉන්නේ රනිල්ගේ බත්බැලයින් වගයක් මිසක් පරිසරයට ආදරේ අය නොවෙයි. ඔය සම්මාන ගිහින් ගහගනිල්ලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site