
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සඳහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම මාර්තු 3 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (12) නියම කළේය. වගුරු බිම ගොඩකිරීම වළක්වන්නයි මධ්‍යම පරිසර අධිකාරියට, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි එම පෙත්සමෙන්ඉල්ලා තිබිණ.
මුතුරාජවෙළ ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම්ද ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර තිබිණි. මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සහාපති විනිසුරු අර්ජුන ඔබේස්කර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එම පෙත්සම සම්බන්ධයෙන් නීතීපතිවරයා උපදෙස් ලබා ගැනීමට කල් ලබා දෙන්නැයි රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි අධ්‍යක්ෂක හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කරනු ලැබ ඇත.
තවද මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම මුතුරාජවෙළ තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සදහා ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි සදහන් කරමින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්බාර, වන ජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වත්තල, මීගමුව හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කාර ආයතනය පාරිසරික ගැටළු පිළිබදව උනන්දුවක් දක්වන ආයතනයකි.දෙවැනි පෙත්සම්කරු වෘත්තීයෙන් පරිසරවේදියෙකි.
මුතුරාජවෙළ තෙත් බිම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි තෙත් බිමකි.මෙම තෙත් බිම සුවීශේෂ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක්ද වේ.ඊට අමතරව සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට, පරිසරයට ජයවේවා ! දැන් පරිසරයට පිහිටට අැත්තේ උසාවිය පමණයි.
ජය වේවා....!!! අපේ රටේ පරිසරය හොර දේශපාලුවන්ගෙන් සහ ඔවුන්ගේ බත් බැලයින්ගෙන් වගේම චීන්නුන්ගෙන්, ඉන්දියන් කල්ලතෝනින්ගෙන් සහ රජයට අල්ලස් දෙමින් අක්කර දහස් ගණන් කොල්ලකාගන්නා බහුජාතික සංවිධානවලටත් විරුද්ධව අපි අපේ සටන දිගටම ගෙනයමු. නිදහසේ සිතීමට හැකි, සිංහල, දෙමළ මුස්ලිම්, මැලේ, බර්ගර්... පමණක් නොව අපේ රටේ ආදිවාසී ජනතාවගෙන්ද සමන්විත ශ්‍රී ලාංකිකයින් සියලුදෙනාටම කරන ආරාධනයයි මේ...
අපි සංවර්ධනය කියලා හැම දෙයක්ම කරන්නේ ලංකාවේ තෙත් කලාපේ, මූලිකවම කොළඹ කේන්ද්‍ර කරගෙන කරන සංවර්ධනය හම්බන්තොට වගේ ඉඩම් ඇති, පරිසර හානිය අවමයක් වන වියළි කලාපීය ප්‍රදේශවලට ගෙන යා හැකි නම් ගොඩාක් හොඳයි. කොළඹ කර්මාන්ත, රැකියා වැඩිවීම හරහා කොළඹ ජන කේන්ද්‍රයක් වීම පරිසර හානියට ලොකු දායකත්වයක් දෙනවා.