(විනීතා එම් ගමගේ)
කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක වන තරුෂි විදුෂිකා රාජපක්ෂ විසින් නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිෂ්පාදනයට සහයෝගය දෙන්නැයි පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබියදීත් එම අධිකාරිය එකී පරිසර හිතකාමි නිෂ්පාදනය තහනමට ලක්කොට ඇත.
එම නිෂ්පාදනය පුළුල් කිරීමට අවශය උපකාර කරන ලෙසද අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබු අතර අවශ්‍ය වුවහොත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දෙන බව දන්වා තිබිණි.
එසේ තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවතින පොලිතින් ප්ලාස්ටික් තහනමට මුවාවී මෙම පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිපදවීම ද තහනම් කර ඇත.
විදුෂි තරුෂිකා නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් එකක් මාස හයක් පමණ භාවිතා කළ හැකි බැවින් දැනට එක් වරක් පමණක් භාවිතා කර ඉවත ලන ලන්ච් ෂීට් සඳහා එය ඉතා අනර්ඝ විසඳුමක් බව අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙසේ එම නිෂ්පාදනය තහනමට ලක් කර ඇත්තේ ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට හා දේශිය හා විදේශිය වෙළඳපොල අවස්ථා ලබා ගැනීමට ඇයට අවශ්‍ය සහයෝගය දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම අධිකාරියට උපදෙස් ලබා දී තිබිය දීය.
මේ වනවිටත් රටවල් හයකින් ඇගේ නිෂ්පාදනය අගය කර ඇති අතර දේශීය විදේශිය ආයතන රාශියක් ඇයට සහය දීමට ද කටයුතු කරමින් සිටියදී මෙම තහනම සිදුව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනපතා පරිසරයට මුදා හැරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය ලක්ෂයකට අධික බව ගණන් බලා ඇති අතර ඇය නිපදවූ ලන්ච් ෂීට් ජනප්‍රිය කළේ නම් එම ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.
විදුෂිකා මෙම නිෂ්පාදනය එළි දැක්වූයේ 2017 වසරේ පොලිතින් ප්ලාස්ටික් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් වූ අවස්ථාවේ දී වන අතර, ඒ වෙනුවෙන් ඇය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ද ප්‍රසංසාවට ලක්වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවතෙහි සදහන් කරුණු කාරනා එලෙසම සිදුවී ඇති නම් මධ්‍යම පරිසර අධිකාරියේ අදාළ නිලදාරීන්ගේ සුදුසුකම් පිලිබදව හා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබදව සොයා බැලීම ඉතාමත්ම යෝග්‍යය වනු ඇතියි අප තරයේ විස්වාස කරන්නෙමු. තවද මෙයට අදාළ දේශපාලන අධිකාරියට මෙසේ යෝජනා කිරීමට කැමැත්තෙමු. මෙම නිලදාරීන් මහජනතාව ඉදිරියට ගෙන සියලුම රුපවාහිනි මාද්යන් ඉදිරියේ මහජනතාවටම මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ක්‍රමවේදයක් ඉක්මනින්ම සැකසීම වඩාත් යෝග්‍යවනු ඇත.එම ක්‍රමය සියලුම රජයේ ආයතනවලට අනාගතයේදී අදාලවිය යුතුය. එමගින් රටේ දියුණුවට අකුල් හෙලන මෙවැනි නුගත් "බුරුවන්" කව්රුන්ද යන්න හොදින් මහජනතාවට අවබෝද කරගත හැකි අතර එවන් "බුරුවන්ව" සේවයෙන් පන්නා දැමීමට අදාළ අංශ කටයුතු කර යුතුමය.රටක කිනම් හෝ පලදායි දියුණුවකට අකුල් හෙලන මෙවැනි තිරිසන් මිනිසුන්ට "බුරුවන්" ලෙස ආමන්ත්‍රණය කිරීමට කිසිවිට කිසිවෙකු පසුබට නොවේවා....
මේ රටේ රජයේ ලොකු පුටුවල ඉන්න උගතුන්ගෙනුත් ඊර්ෂ්‍යාව අඩු බොහොම ටික දෙනෙකුට විතරයි. මේ ශිෂ්‍යාවගේ සොයාගැනීම හොරකම් කරන්න හිතන කිහිප දෙනෙකුත් නොහිටියොත් තමා පුදුමෙ. මේ ලොකු තැන්වල සමහරු රටින් මංකොල්ල කන සල්ලිවලින් රට යවා ඔවුන්ගෙ දරුවො උගන්නන්න උත්සහ කලද ඒවා යා දෙන්නේ නැහැ. මොකද ඔවුන්ට වඩා සැබෑ දක්ෂයින් මෙරට විශ්ව විද්‍යාලවල තමා සොයාගත් දෙය රිසර්ච් පේපර් එකකින් පිටරට විශ්ව විද්‍යාලයකට යැව්වොත් ඔහුට හෝ ඇයට නොමිලේම පශ්චාත් උපාධි අවස්ථාව ලැබ එරට පරීක්ෂකයෙක් වීමට අවස්ථාව ලැබෙන්නෙ විශාල වැටුපකුත් සමගයි. දක්ෂ මිනිස්සු මේ රටින් පිට යන එක වඩා හොදයි. එසේ රටින් පිට ඉදන් තම රටේ දේශපාළුවන් විසින් කොන්කළ අහිංසක ජනතාවට පෞද්ගලිකව උදව් කරන අය හුගාක් ඉන්නවා. මොකද කියනවනම් දුප්පත්කම මේ රටේ තියන තාක් කල් අවස්ථාවාදී දේශපාලන සහ රාජ්‍ය නිලධාරීවාදය වෙනස් කල නොහැකියි. මේ ක්‍රමය දැන් සාපයක් වී අවසානයි.
එහෙම තහනම් කරන්න හේතුව මොකක්ද? මේ නව නිපැයුමේ පවතින යම් දුර්වලතාවයක් ද?
පරිසරය වගේ සි
හැමදාම 225ට විතරක් බැන්නට ඇත්තටම රට මේ වගේ දුර්වල තත්ත්වයක පවතින්නේ ලොකු පුටුවල ඉන්න නිලධාරි මාෆියාව නිසයි. දේශපාලකයන්ට මුවාවී රටට වැඩිම හානියක් කරන්නේ ඔවුන්
මොකුත් නව දෙයක් කරන්න ලංකාවේ ලොක්කෝ ඉඩ දෙන්නේ නෑ.ජරාව නැතිවෙන හින්දා. ඉස්සරත් එහෙමම තමා. ලෑන්ඩ් මාස්ටර් ට්රැක්ටරය හදපු රේ විජේවර්ධන මහතාට ඒකට ලංකාවේ පේටන්ට් ගන්න ඒ කාලේ හිටිය කෘෂිකර්ම අධ්යක්ෂ පානබොක්කේ ඉඩ දීල නෑ. අන්තිමට ඒක එංගලන්තේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට විකුණලා. තව බොහෝ දේ එහෙමයි.පොල් වතුර බ්‍රැන්ඩි. මතට තිත. ඕක වෙන රටකට විකුනන්න දරුවෝ. එතකොට ඔබට වියදම සහ නිෂ්පාදනය දෙකම ලැබෙයි.
වෙන මුකුත් නෙමේ කුට්ටිය කුට්ටිය කුට්ටිය
මේ පගාව කන්න පුරුදු වෙච්ච මිනිසුන්. ඇමති තුමාගේ අවධානය යොමු වේවි යැයි සිතමු...
වෛද්‍යවරයෙකු විසින් වර්ධනය කරන කොවිඩ් කැප්සියුලයට සිදු වන්නේද එයමය.
ගාණක් දෙන්නම් කියලා කිව්වොත් සමහරවිට ඇමති මණ්ඩලයම එපා කිව්වත් අනුමැතිය ලැබෙයි මගෙ හිතේ...!!!
රජයේ ඉහල සිට පහලට හැමෝම වගේ පගාවක් ඉල්ලනවා මයි. ඒක තමා ඇත්ත. අති බහුතරයක් තමන් ගන්න වැටුපට අමතරව පගාවත් අදායමක් කරගෙන ඉන්නවා. රාජ්‍ය ආයතන නිසා මේ රටට වුන පාඩුව , පාර්ලිමේන්තුවේ 225 යෙන් වුනු පාඩුවට වඩා වැඩියි.
හැම දේටම දේශපාලකයන්ට දොස් කිව්වට දැන් බලාන ගිහාම නිලධාරි ඊට අන්තයි. අරගොල්ලො නම් එලවන්න හරි පුලුවන් අවුරුදු 5කින්. ඒත් මේ ජරා නිලධාරින්?
කෙසෙල් කොලේ පොෂ් මදිනේ
අපේ දේවල් අගය කළානම් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ. අපේ මහ අය දන්නේ රටින් ගෙන්වන්නයි.. ණය ගන්නයි විතරයි. ජයවේවා..!!!
මේක පරිසර හිතකාමියි කියලා පෙන්නලා නැහැ. ඒ නිසා පරිසර අධිකාරිය හරි...