(අංජුල මහික වීරරත්න සහ සුනිමල් හේවගේ)
අරගලකරුවන් විසින් ගම්පහ නිට්ටඹුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පුරවැසියකු ලෙස තමන් පොළොන්නරුව ජනතාවගෙන් සමාව අයදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඊනියා අරගලකරුවන්ට අවශ්‍ය වූයේ මිනී මරා ගෙවල් ගිනි තබා බලය අල්ලා ගැනීම බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අරගලයේ නාමයෙන් මිනිමැරූ, දේපල ගිනි තැබීම් සහ පහර දීම් වැනි සිද්ධීන් වලට සම්බන්ධ වූ සහ ඒ සඳහා අනුබල දුන් සියළු දෙනාට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පොළොන්නරුව, හිගුරක්ගොඩ තාරුකා මණ්ඩප ශ්‍රවණාගාරයේ පැවති සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙහිදී හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතිලාභීන් 197 කට ඉඩම් බලපත්‍ර සහ ප්‍රතිලාභීන් 43 කට ඉඩම් දීමනා පත්‍ර පිරිනැමිණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පොළොන්නරුව සී.අයි.සී. නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 86 දෙනකුට සින්නක්කර ඉඩම් ඔප්පු සහ ප්‍රතිලාභීන් 12 දෙනකුට “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ රුපියල් මිලියන 2.3 ක් වටිනා නිවාස ආධාරද පිරිනැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන සිදුවෙලා තිබෙන්නේ කණගාටු දායක සිද්ධියක්. ගෝල් ෆේස් පිටියේ සාමකාමී අරගලයක නියුතු වූ බොහොමයක් පොදුජන පෙරමුණේ ආධාර කරුවන් ඔවුන්ට පහර දුන් නිසා මෝඩ තීරණයක් නිසා රටම කැළඹුනා. ඔවුන් අරගලයක නියුතු වුණේ ඇයි ? රටේ මුදල් කොල්ල කෑම නිසා. මහ භාණ්ඩාගාරය හින් වී ජනතාවට බෙහෙත් ඉන්ධන නැතිව පෝලීම් හැදුනා. කන්න නැතිව දරුවන් අඬන නිසා මිස ආණ්ඩු පෙරලීමට නොවේ. නිට්ටඹුවේ පළමුව වෙඩි තැබුවේ කවුද? එතන මියගිය තරුණයා කවුද කියලා පළමුව සොයා බැලිය යුතු වෙනවා.
එතකොට ගම්පහ තමුන්ගේ බූදලේද? අධි තක්සේරුවයි, ගෝත්‍රික මානසිකත්වයයි පෙන්නුම් කෙරෙනවා. නඩු අහන්නයි, තීන්දු දෙන්නයි, සමාව ඉල්ලනයි තමුන් කවුද? ඡන්දෙන් ආවා නම් තමන්ගේ වගකීම පමණක් ඉටුකිරීමට තමුන් බැඳී සිටිනවා.
ඇමැතිතුමා... ඔබ නිවැරැදියි. ඒ වගේම ඔයා අර මේ කප්පම් කාරයෝ ගැනත් බලන්නම ඕනෑ හොඳේ... මොකද ඔවුන් කප්පම් ඉල්ලගෙන මදිව තවත් ඉල්ලගෙන කෝල් දීලා තග දානවලු අඬුකඩනවා කියලා...
කප්පන් ප්‍රසන්නට ඇත්තටම ජාතියෙන් සමාව ගන්න දවසක් ඒවි ළඟදීම...
කප්පම්කාරයගේ බොරු ෂෝ? තමුන් වගේම පවුලේ අයත් කරලා තියෙන දේවල් වල හැටියට ඉන්ඩ ඕනේ හිරේ...?
ඔය කිඹුල් කඳුළු දැන් ජනතාව දන්නවා. ඔහෙටත් සම්බුව ළඟදීම හම්බවෙයි.
කප්පම් ඉල්ලපු කෙනාගෙනුත් සමාව ගත්තා නම් හොඳයි...
මෝඩයින් රවට්ටන්න ඕක මෙයාගේ අධෝවාත ෂෝ එකක්.
අර්ජුන යූ.එන්.පී. මෙයා පොහොට්ටු . කවුරු බලයට ආවත් රණතුංග ලා සැපේ.