IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රසංග තහනමෙන් පිරිසක් අසරණ වෙලා

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පැවසුවේ මේ තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවයි.

ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේදී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ ආතාවුද මහතා මැතිවරණයක් පැවැත්වෙන්නේ යැයි පවසමින් ජන ජීවිතයේ අනෙකුත් කටයුතුවලට බාධා කිරීම නොකළ යුතු බවද පෙන්වා දුන්නේය.

මේ ප්‍රශ්නය පිළිබඳව වහාම මැදිහත්වී සොයා බලන අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සංගමයේ මාධ්‍ය ලේකම් සිදේෂ් රංගන විජේවීර මහතා පැවසුවේ තම කණ්ඩායම රට පුරා ප්‍රසංග සහ සැණකෙළි සංවිධාන කරන්නේ රජයට ලක්ෂ ගණනින් විනෝද බදු ගෙවමින් බව ප්‍රකාශ කළේය.

තමන් රටට බරක් නැති රජයෙන් කිසිම දීමනාවක් නොලබන පිරිසකැයි පැවසූ විජේවීර මහතා ප්‍රසංගවලින් අයකෙරෙන දැරිය නොහැකි විනෝද බදු අඩු කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සංගමයේ අනුශාසකවරුන් වන සරත් කුමාර ලියනගේ සහ එස්.ඩබ්ලිව් පතිරණ යන මහත්වරුද අදහස් දැක්වුහ.

 



අදහස් (0)

ප්‍රසංග තහනමෙන් පිරිසක් අසරණ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site