(සුජිත් හේවාජුලිගේ )
සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ( මුදල්) රටට ගලා ඒම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුත් දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබ ඇත.
විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන පහසු කිරිමේ දෙපාර්තමේන්තුව ලෙස නම් කරනු ලැබ ඇති මෙම අංශය පිහිටවනු ලැබ ඇත්තේ 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කළේ අශ්වයා ස්තාලෙන් පැන්නට පස්සේ විසඳුම. මේ වෙනකොටත් රටට එවන නීත්‍යානුකූල පේෂණ(බැංකුවක් හරහා) සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවෙලා.එයට ප්‍රධාන හේතුව බැංකුව ලබාදෙන විනිමය හුවමාරු අගය ඩොලර් එකක් සඳහා රුපියල් 198/50 ක(ආසන්න වශයෙන්) අගය. .නමුත් වෙළෙඳපොළ හුවමාරු අගය රුපියල් 225-230(මිළදීගැනිම) වගෙ.ඒ කියන්නේ 15% ක වගෙ වෙනසක්. අඩුමගානේ මේ ටිකවත් තේරුම් ගන්න බැරි මහා බැංකුවක්. අපි දන්නවා මේ වෙලාවෙ විදේශ සංච්ත ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට දැනට කරන්න තියෙන හොඳම විසඳුම තමයි " එක පාරට විනිමය හුවමාරු අගය වෙළෙඳපොළ සැබෑ වටිනාකමට පාවෙන්න ඉඩ අරින එක. නැත්නම් මෙය කෘතිමව පාලනය කරන්න ගියොත් විසඳුමක් නැතුවාම ප්‍රශ්නය තවත් උඩුදුවන එකයි වෙන්නෙ.
දැන් තමා මේ ගොල්ලන්ට විදේශවිනිමය එවන අයගේ පහසුව මතක් වෙන්නේ. ඔයගමන්ම විදේශවිනිමය එවන අයට දෙන ඩියුටි ෆ්‍රී ගැනත් වැඩිකරන්න. වාහන වලට LC අරින්නේ නැතුව එහෙමත් නැත්නම් පිටරට රැකියා කරලා ගන්න ඩොලර් හෝ යූරෝ වියදම් කරලා ලංකාවට එවන වාහන, බහුකාර්ය වාහන, බැකෝ, ලොරි, බස් වැන් වල සහ යන්ත්‍ර සූත්‍ර වල බදු අහෝසි කරන්න.
අතීසාරයට අමුඩය ගහන්න හදනවා වගෙයි.
පට්ට දුෂිත ආණ්ඩුව ඔය මොන ක්‍රමය දැම්මත් අපි ආයේ කවදාවත් බැංකු හරහා ලංකාවට මුදල් එවන්නේ නැහැ. ඊට වඩා පහසු , ගොඩාක් ලාබ උන්ඩියල් ක්‍රමයෙන් ගෙදරටම වැඩිපුරත් එක්ක සල්ලි යවනවා. ආණ්ඩුවේ ආර්ථිකයට හෙනගැහුවත් අපිට වැඩක් නැහැ. අපි අපි ගැන පමණක් බලාගන්නවා. අපි එවන සල්ලි වලින් කොමිස් ගහන්න දේශපාලුවන් කෙළ හලහලා බලාගෙන ඉන්නවා. අපි ඒ ගැන දන්නවා. එ්ත් දැන් ඒවා සුම්මා තමයි...