(යොහාන් භාසුර)
ගොවියා, වී මෝල්හිමියා සහ පාරිභෝගිකයා යන පාර්ශව තුනම ආරක්‍ෂා කරමින් වර්තමාන සහල් මිල නියම කළ බවත් වෙනත් ඕනෑම දේකට වඩා රටේ නීතිය ඉහළට යැයි සියලු දෙනා මතකයේ තබාගත යුතු බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
රුපියල් 32 කට තිබූ වී කිලෝවක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දැමුවේ ගොවියා ආරක්‍ෂා කිරීමට බවත් වී මෝල්හිමියාගේ වියදම පිළිබඳව සළකා සහල් කිලෝවකට රුපියල් 96 ක මිලක් ලබාදී එය මේ වන විට රුපියල් 98 දක්වා ඉහළ දමා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙම මිල තීරණය කිරීමේදී ගොවියන්, වී මෝල්හිමියන් සහ පාරිභෝගිකයන් යන සියලු දෙනා සමඟ සාකච්ඡා කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා එයට පිටින් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය රටේ නීතියට එරෙහිවීමක් බවත් සඳහන් කළේය.
සහල් ව්‍යාපාරිකයන් පාලන මිලට සහල් සැපයීමට විරෝධය දැක්වීම පිළිබඳව අදහස් දක්වමින් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්නෙත් නැහැ ,පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලැබෙන්නෙත් නැහැ
අන්න ලොකු බොරුවක් කිව්වා පාරිභෝගිකයන් සමග සාකච්චා කලයි කියල. කොහොමද වෙන්නේ? වී මෝල්හිමියන් සමග සාකච්චා කල ඇති. මොකද්ද චන්දට ඔවුන් නේ වියදම් කරන්නේත්.
එහෙනම් මොකටද මෝල් වලට පැන්නෙ? ගොවියො වී මිල අඩුය කියල කෑගහන්නෙ?