
(අංජුල මහික වීරරත්න)
ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන තුරු සත්‍යග්‍රහ ව්‍යාපාර පවත්වමින් ජනතා දුක ආණ්ඩුවට කියන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එජාප සත්‍යග්‍රහයට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
සත්‍යග්‍රහ ව්‍යාපාරය බලාපොරොත්තුව උද්ඝෝෂණය කිරීම නොවේ. ජනතාව විඳින දුක ගැන රජයට පණිවිඩයක් ලබා දීමයි. රටක් ලෙස දැන් අප සියලුම දෙනා එකමුතු විය යුතුව තිබෙනවා. දැන් අවශ්‍ය වී තිබෙන්නේ බල අරගලයක් නොවේ. ජනතාවගේ ප්‍රශ්න විසඳීමයි. එමෙන්ම රට මුහුණ දෙන අභියෝග වලට විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. අහිංසක ජනතාව දිවා රෑ නොබලා පෝලිම් වල දුක් විඳිනවා. මේ රටේ තිබෙන ආර්ථික අර්බුද වලින් ගොඩ එන්නට නම් අප සියලුම දෙනා රටක් ලෙස එකතු විය යුතුව තිබෙනවා.ජාති භේද සහ ආගම් භේද පසෙක තබා සියලුම දෙනා එකතු විය යුතුයි යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd