
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තරයේ හැසිරීම් කල්වෙලා ඇතිව අවබෝධ කරගත හැකි රාජ්‍ය නායකයන් මේ මොහොතේ රටට අවශ්‍යව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඇමෙරිකා බද්ධ සියයට 44 සිට සියයට තිහ දක්වා අඩු වූයේ යැයි දැන් බොහෝ අය කතා කරන බව කී අබේවර්ධන මහතා එවැනි කතා ගැන ලැජ්ජා විය යුතු බව කීය.
මෙවැනි ගෝලීය දේශපාලන හැසිරීම් ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කල් තියාම දැක තිබුණු බව කී එජාප සභාපතිවරයා නමුත් ඒ ගමන කඩාකප්පල් කර දැමූ බව කීය. රනිල්ගේ ගමන ගැන ජනතාවට තේරුම් ගන්නට නොහැකි වූ බව කී එජාප සභාපතිවරයා ප්‍රශ්න විසඳන්න හැකි රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත් ඉවත්කොට ජනතාව අද දුක් විඳින බව කීය.
එජාප සභාපතිවරයා මේ බව කීවේ යක්කලමුල්ල කරාගොඩ ශ්‍රී දේව රක්ඛිත විහාරස්ථානයේ ඇසළ කලාපය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මෙහෙ බයිලා ගහනවා. අර ඔච්චර ඇමෙරිකාවට හිතවත් රට වලටත් රිදෙන්නේම බදුගහලා තියන්නේ රනිල් හිටියා නම් බදූ ගහන්න එපා. අපි ඉඩම් විකුණනවා කියලා ලංකාව විකුණලා දානවා...
ජෝකර්... තවමත් ඉන්නේ සිහින ලෝකෙ...
මේ වගේ කෙනෙක්ගේ මෝඩ කතා පුවත්පත්වල පලකිරීම ජනතාවගේ බුද්ධියට කරන නිගාවකි.
කරගත්තු හරිය හොඳටම ඇති... ගෝලීය දේශපාලනේ හැසිරීම දන්න කෙනාට දීලා.... රට මෙහෙම හරි ඉතුරු වුණු එක ගැන සතුටුයි...
මෙවැනි ගෝලීය දේශපාලන හැසිරීම් ගැන රනිල් කල් තියාම දැක තිබුණේ, සුමනදාසගෙන් හරි, ඥානක්කාගෙන් හරි පේන බලලා තිබුණු නිසා. රනිල්, සුමනදාස, ඥානක්කා, ත්‍රී ඉඩියට්ස්ලා දැන් ලොවෙත් නෑ, දෙල්කඳ පොළෙත් නෑ...
දකුණෙ අයට කිසිම ලැජ්ජාවක් නෑ කියන එකට හොඳම උදාහරණය තමයි, මෙයයි, සාගල රත්නායකයි.
පාතාල නායකයෙක්ව පොලිස් ලොක්කා කරගෙන, ඒ වගේම තව තක්කඩි හෙන්චයියෝ ටිකක් රජයේ ලොකු ලොකු තනතුරු වලට දාගෙන, රාජ්‍ය මුදල් කුට්ටි පිටින් හොරා කන ඇමැතිලාට රැකවරණ දෙන, රාජ්‍ය මුදල් නාස්ති කරමින් ගෝලයෝ එක්ක ලෝකේ වටේ සවාරි ගහන ඔය කජු සීයා වගේ උන්දැලා ආපහු අපේ රටට ඕනේ නැහැ වජිර...
වජිර ටිකක් ඉන්න.. ඔයා කොළඹ ගේ ගත්තේ කොහොමද?
තමුන්ගේ නායකයා මොළකාරයෙක් නිසා වෙන්ඩැති තිස්ගාණක උපදේශකයෝ පත් කරගෙන මහජන මුදල් කාබාසිනියා කෙරුවේ? දේශපාලන අත්දැකීම් ඇති පරිණත නායකයාගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
මේ වගේ මිනිස්සුන්ව මෙවැනි කටයුතු වලට සහභාගි කරගන්න තරම් මෝඩයින් තාම ඉන්නවනේ..
අවුරුදු 60 ක් මාරුවෙන්ම මාරුවට රට විනාශ කරලා තවමත් ජනතාව මුලා කරන එක විතරමයි සුපුරුදු පරිදි කරගෙන යන්නේ...
ප්‍රශ්නය විසඳීමට හිටපු අය අද හිරගෙදර. තමන්ගේ ප්‍රශ්නය විසඳුවා මිස රටට කරපු දෙයක් නැත...
මහජනතාව නොවේ වජිර, ඔයා නම් දුකෙන් බව පෙනෙනවා, ගොන්කතා කියකියා ඉන්න තමයි දැන් තියෙන්නේ...!
අන්තීමට එ.ජා.ප.ය ඉතිරි වුනේ මේ වගේ මැටි මෝල්ලු දහ පහළොස් දෙනෙක් විතරයි...
ඔයා කියන්නේ අර විකුණගෙන කන එක්කෙනා ගැන වෙන්න ඇති...
ඔබ සාමාන්‍ය පෙළ විභාගය සමත්ද?