(රෝෂන් තුෂාර)
මෙරට රාජ්‍ය බැංකුවක බැංකු නිලධාරීන්ට උසස් වීම් ලබා දීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (18)නිකුත් කළේය.
විත්තිකාර බැංකුවේ උසස් වීම් ලබාදීම සඳහා පැවැත්වූ තරග විභාගය දෝෂ සහිත හා අසාධාරණ බවට බැංකු සේවකයකු ගොණු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නියෝගය නිකුත් කළේය.
පැමිණිලිකාර සේවකයා අධිකරණයට සඳහන් කර සිටියේ පසුගිය ජුනි මස 9 වැනි දින බැංකුවේ සේවකයින්ට උසස්වීම් ලබාදීම සඳහා පවත්වන ලද තරග විභාගය නිසි පරිදි නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පැවැත්වා ඇති බවය.
තරග විභාගයට ඉදිරිපත් කළ සිංහල ප්‍රශ්න පත්‍රයේ භාෂා දෝෂ තිබෙන බවත්,අංක ගණිතය සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න නිවැරදි නොවන බවත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා තරග විභාගයේ ලකුණු පදනම් කරගනිමින් උසස් වීම් පිරිනැමීම වළක්වමින් අදාළ බැංකුවට දින 14 ක වාරණ නියෝගයක් නිකුත් කළේය.
ලබන මස 02 දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට විත්තිකාර බැංකුවට නොතීසි ද නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රශ්න පත්‍රයේ දෝෂ බැංකුවක උසස් වීම් වළකයි