(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉකුත් 14 වෙනිදා පැවැත්වූ  එල්.එල්.බී (LLB) නීති  උපාධිය සඳහා බඳවාගැනීමේ තරඟ විභාගයේ බුද්ධි පරීක්ෂණ ( IQ) සහ භාෂාව ප්‍රශ්නපත්‍ර කලින් පිටවී ඇති බවත්  ප්‍රමුඛ නම් ආයතනයක්  ඒවා කලින්ම ලබාදී ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී  ශානක්කියන් රාසමාණික්කම්  මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස  තමා අධිකරණ සහ අධ්‍යාපන ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට  සහභාගී වෙමිනි.