(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ප්‍රංශ දූත පිරිසක් අතර හමුවක් කොළඹදී සිදුවිය.

ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ,ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ සමාගම් වල ආයෝජන,ශ්‍රී ලංකා අපනයන සඳහා ප්‍රංශ වෙළඳපොල පුළුල් කිරීම,සංචාරක ව්‍යාපාරය යන කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයන් ගෙන් සමන්විත දූත පිරිස ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව හමුවේදී ප්‍රකාශ කළහ.

රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ,ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්වරුද මෙම හමුවට සහභාගී වූහ.