
(අංජුල මහික වීරරත්න)
පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීහු හා නියෝජිතයෝ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සිය පුර්ණ සහාය පළ කරන බව ප්‍රකාශ කළහ.
නැවත ඉන්ධන පෝලිම් තමන්ට අවශ්‍ය නොවන බව මෙහිදී පෙන්වා දුන් ප්‍රවාහන සංගම් නියෝජිත පිරිස ඉන්ධන හිඟය හමුවේ තම ප්‍රවාහන කටයුතු පවත්වාගත නොහැකිව මුහුණදුන් අසීරුතා අමතක නොමැති බවද සඳහන් කළහ.
රටේ කඩා වැටි තිබු ආර්ථිකය ගොඩගැනීමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කළ ප්‍රවාහන සංගම් නියෝජිතයන් රට ඉදිරියට ගෙන යමින් ජනතාවට ජිවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවද පෙන්වා දුන්නේය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය, සමස්ත ලංකා රියදුරු වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව යන සංගම්වල ප්‍රධානීහු සහ නියෝජිතයෝ ජනාධිපතිවරයා හමු වී සහාය පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි ඇත්ත... නමුත් අපේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බෑ..
ගාස්තු වැඩි කරන අය බදු වැඩි කරන අය එක්ක නැතුව වෙන කවුරු එක්ක එකතු වෙන්නද?
මෙතන රනිල්ට තියෙන්නේ පැහැදිලිවම ඡන්ද 12ක්. ඒ හැර වෙන එකක්වත් නෑ. ඒකයි යථාර්තය. මිසිස්සුන්ට කතකරන්න නොදන්න, ඉතුරු මුදල් නොදී හොරකම් කරන ගැන මිනිස්සු ඉන්නේ කේන්තියෙන්..!
රටටම එපා වෙච්චි අපතයින් හැර රනිල්, සජිත් සරණ යන්නෝ වෙන කවුරුද?
ගැමුණු කවදත් හිටියේ UNP එක්ක තමයි, බලන්න ගිය ඡන්දවල...
වැඩේ ටිකක් තේරුණා මදි. දැන් මේ කියන්නේ බස් අයිතිකාරයෝ රනිල්ට සහාය දෙනවා කියලාද? නැතිනම් අයිතිකාරයෝයි, රියැදුරයි, කොන්දොස්තරයි සහාය දක්වනවා කියලාද? එහෙමත් නැතිනම් බස් මගීනුත් සහාය දක්වනවා කියලාද?
බස් ගෙන්වපු අයට එකතු වෙනවා මිසක් බස් ගිනි තියපු අයට එකතු වෙන්නයෑ...
බස් ගැමුණුගේ ඡන්දය රනිල්ට, එච්චරයි... අනිත් එකොළහ සජිත්ට හා අනුරට...
බස් ගැමුණුගේ කෙරුවාවල් ගැන දන්නෝ හොඳාකාරවම දනිති. එහෙම කෙනෙක් රනිල්ට එකතු වෙන එක පුදුමයක් නොවෙයි...
බස් ගාස්තු සාධාරණව අඩු වෙන්නේ නැත්තේ මේ නිසා තමයි එහෙනම්...
ඔව් ඉතින් ඔකුන්ගේ බස් වලින්නේ මුගේ රැස්වීම් වලට සෙනග අදින්නේ
ඔය ඔක්කොම යාළුවෝ මල්ලි
ඔව් ඉතින් එන්පිපි ආවොත් උඹලාට පොල් පටවලා වගේ මිනිස්සු පටවන්න හම්බ වෙන්නේ නෑ