(යොහාන් භාසුර)

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ඉල්ලීමකට අනුව අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර ‘ලංකාදීප’යට පැවසීය.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශයට පැමිණ සිටින බව ද දොඩන්ගොඩ මහතා වැඩි දුරටත් කීය.