IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරවල් හදනවද? බඩගින්නට කන්න දෙනවාද?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහා මාර්ග සහ අනෙක් දේවල් සඳහා ප්‍රමුඛතාව දෙනවාද? බඩගින්නේ ඉන්න දරුවන්ට කන්න දෙනවාද? කියා ආණ්ඩුව වහා තීරණය කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජීවත් වීමට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා ගන්න අපොහොසත්  ජනතාව දිනෙන් දින වැඩිවන බව දේශීය මෙන්ම විදේශ සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ යැයි කී අලවතුවල මහතා වැඩිහිටියන් මෙන්ම දරුවන් පෝෂණය නැතිව කලන්තෙ දමා  වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන බවද  කීය.

මේ භයානක තත්ත්වය නිර්මාණය කිරීම ගැන  ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පසුගිය දිනවල මුදල් අමාත්‍යංශය අමාත්‍යංශය බාරව කටයුතු කළ සියලු දෙනා වගකීම බාරගත යුතු බවද ලක්ෂ විසි දෙකක් ජනතාවට  ඇති කළ තත්ත්වය නිසා සෑම සමාජ තලයක ම ජනතාව අඩු වැඩි වශයෙන් බැට කමින් සිටින බවද අලවතුවල මහතා සඳහන් කළේය.



අදහස් (2)

පාරවල් හදනවද? බඩගින්නට කන්න දෙනවාද?

sena Wednesday, 16 November 2022 02:01 PM

පාරවල් හදමු... එතකොටනේ කොමිස් ලැබෙන්නේ...!

:       4       3

Chathuri Wednesday, 16 November 2022 06:09 PM

ජනතාව කොයිතරම් විලාප නැගුවත්... ඔය නඩේගේ ඇස් ඇරෙන්නේ නැහැ. මිනිසුන් මරාගෙන හරි තමන්ගේ බොක්ක පිරෙව්වොත් ඇති කියලා තමයි හිතන්නේ... මොවුන්ගේ නහර මැරිලා ඇති. මේ විදියට ඉන්නේ. ඔය අහුවෙන කුඩු. මේ කට්ටියට බොන්න අවසර දුන්නා නම්. ඕනෑ වැඩක් වෙලාවට කරගන්න පුළුවන්. මැරුණු නහර යලි නැගිටිනකොට යකා වගේ වැඩ කරයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site