IMG-LOGO

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු සංකීර්ණය  සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංකීර්ණයේදී අද (4) පෙරවරුවේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව සංකීර්ණයේත් ඒ අවට ප්‍රදේශවලත් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේත් විශේෂ ආරක්ෂක රැකවල් තර කෙරෙනු ඇත.

මේ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර්  අද්මිරාල් සරත් වීරසේකර මහතාද ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආරක්ෂක බුද්ධි සේවාවන්හි ප්‍රධානීහු පිරිසක්ද  සහභාගිවූහ.

මේ අතර පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (5) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව හෙට (5) සිට ලබන  8 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර අප්‍රේල් 6 සහ 8 දිනයන්හි හැර අනෙක් දිනයන්  පෙ.ව 10.00 - පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග  හෙට (5)   පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

තවද එදිනට  නියමිත ප්‍රධාන වැඩකටයුතුවලින්  අනතුරුව, අධිකරණයට අපහාස කිරීමේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා  අනිද්දා (6)  පෙ.ව 10.00 සිට  පෙ.ව 10.30 දක්වා කාලය  වෙන් කර ඇති අතර ඉන්පසු පෙ.ව 10.30 සිට  පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.09.17 දිනැති අංක 2245/31, 2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල  පළ කළ නියෝග  පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  විවාදයට ගැනීමටද තීරණය කර ඇත.

අධිභාර බද්ද පනත් කෙටුම්පතේ  (දෙවන වර කියවීම), වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022 ජනවාරි 06 දිනැති අංක 2261/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2022 ජනවාරි 11 දිනැති අංක 2262/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය ලබන (7)  විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 8 වෙනිදා සිකුරාදා  උදේ 10 සිට රාත්‍රී 8.30 දක්වා විවාදයට  ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.



අදහස් (1)

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව

Shan Monday, 04 April 2022 05:36 PM

පාර්ලිමේන්තුවෙන් මහජනතාවට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ කට්ටිය ඉන්නකල්...!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site