
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවැත්වූ මෙම වෛද්‍ය සායනය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අනුබද්ධ කාර්ය මණ්ඩල මෙන්ම මන්ත්‍රීවරුන් සඳහා විවෘතව පැවතිණි.
මෙහි ආරම්භක අවස්ථාව සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමයේ සභාපති පාලිත ප්‍රියංකර සහ එම සංගමයේ ලේකම් බුද්ධිකා අබේසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
බෝ නොවන රෝග පරීක්ෂාව, වකුගඩු, අක්ෂි, දන්ත, ආයුර්වේද වෛද්‍ය, පෝෂණවේදී සහ මනෝවෛද්‍ය යන අංශවලට අදාල සායන මෙන්ම රසායනාගාර පරීක්ෂණ සේවාවන් සඳහා අවස්ථාව සලසා දී තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වැඩිය ලාබ නැද්ද ඔය සේවකයින්ට නිසි රක්ෂණාවරණයක් දුන්නා නම්?
බෙහෙත් නෙමෙයි දෙන්ඩ ඕනේ. කියන පචවල හැටියට.