






පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනතා ව්‍යාපාරය කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී අද (4) විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ‘වහා පාර්ලිමේන්තුව කැඳවනු’, ‘අශීලාචාර පාර්ලිමේන්තුවක් වෙනුවට ශීලාචාර පාර්ලිමේන්තුවක්’, ‘ප්‍රජාතන්ත්‍රවාදය මුදලට විකුණන්න එපා’, ‘ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑමට එරෙහිව’, ‘මගේ ඡන්දය විකිණීමට නෙමෙයි’ යනාදිය පාඨ දැක්වෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
(ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ ඡන්දය භාවිතා කිරීම වර්ජනය කරමු. නැතිනම් අපි දන්නෙත් නැතුව අපිව විකුණලා.
NGO කුක්කන් මේ දවස්වල කප්පම් නැතුව පාරට බැහැලා...
NGO නඩය, ඔහොමම විරෝධයක් දාන්නකෝ " දී ඉලෙක්ශෝන් මස්ට් බි හෙල්ඩ් "කියලා.
සල්ලිවලට පක්ෂ පනින්න ලජ්ජා නැතිද?... කිසි ලැජ්ජාවක් නැහැ. කොයි පැත්තට ගියත් ඔහෙලා අායෙත් අපටම ඡන්දෙ දෙනවනේ...
විරෝධය පාන්නේ NGO ද නැද්ද කියන එක නොවෙයි ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදිව විසඳ ගත යුතු දෙයක් කුමන්ත්‍රනකාරිව විසඳ ගැනීමට යාම තමයි ප්‍රශ්නය.
පච පුස් වැඩ .......
ඡන්ද කල් දම දමා ඉන්න කොට, ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය කොහෙද දන්නේ නැහැ තියාගෙන හිටියේ. කොහෙන් හරි ඩොලර් ලැබුණම තමා ප්‍රජාතන්ත්‍රය මතක්වෙලා තියෙන්න.
එතකොට අර මහා බැංකුව කොල්ල කාපු අය හොරු නොවෙයිද උඹලට?
මහා බැංකුව කොල්ල කාපු එවුන් කොල්ල කන්න උදවු කොරලා ඇමතිකම් නැති කර ගත්ත එවුන්ට නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඉඩ නොදෙන මුන් හොරු නෙවෙයිද ?
2020 වන තුරු පාර්ලිමේන්තුව කැඳවන්න එපා............
සූ ගාලා 19 දෙනෙක් සහභාගිවූ ආණ්ඩුව පෙරලීමට තරම් හයියක් ඇතැයි සිතන මෝඩ රැලක්. මේ පින්තුර පඩි ගෙවනා ජාත්‍යන්තර NGO මූලස්ථාන වලට යැව්වම ඉක්මනින්ම දෛනික වැටුප US$100 කින් වැඩිවනු ඇත. පින්තුර වල ඉන්න අයගෙන්, ඔවුන් නියෝජනය කරන්නේ කව්දයී පාටක අපට සිතා ගත හැකිය.