IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි

 

(අංජුල මහික වීරරත්න)

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල  ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක්  වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

 එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර  ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය  ලබාදීමට හැකිව තිබූ බවද ජනාධිපතිවරයා කීය.

අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ  බව පැවසූ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව ද සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී  පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ  “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල  දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය. 

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ද මීට සහභාගී විය.

 



අදහස් (13)

පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 11:31 AM

තව සති දහයකින් ගෙදර යවන්න ඉන්න කෙනා අධිකරණයට තර්ජනය කිරීම වහා නැවැත්විය යුතුයි...

:       13       52

පුරවැසියා Monday, 15 July 2024 12:46 PM

ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ... මාමණ්ඩිගේ කාලේ වගේ කියලා හිතන් ඉන්නවා ද දන්නේ නැහැ.

:       13       38

mahinda Monday, 15 July 2024 12:47 PM

අවසන් දින කීපයේදී කියවන ඒවා නොසලකන්න.

:       11       36

ලකී Monday, 15 July 2024 01:26 PM

පාර්ලිමේන්තුවට තියෙන ව්‍යවස්ථාදායක බලය එයාලා බලාගනියි. තමා තමන්ට අහම්බෙන් ලැබුණු අනුප්‍රාප්තික විධායක පදවිය තව මාස තුනකට අඩුකාලය කරලා අධිකරණයට තර්ජනය කරන එක නවත්තලා ගෙදර යන්න ලෑස්ති වුණොත් නම්බුව ටිකක්වත් බේරාගන්න හැකිවේවි...

:       11       25

Lalla Monday, 15 July 2024 01:32 PM

එතකොට රටේ ජනතාවට පාර්ලිමේන්තුවට ගිහිල්ලා නඩුව කියන්නද කියන්නේ...? අවසානයේ හොරු රන් කොල්ලකරුවෝ කප්පම්කාරයෝ මිනීමරුවෝ කුඩ්ඩෝ අරක්කු කාරයෝ නඩු අහන්න යනවාද?

:       8       26

nanda Monday, 15 July 2024 02:02 PM

උඩ ඉන්න දෙවියෝ මේවා බලාගන්න ඕනේ... රටට වෙන දෙයක්...

:       6       18

හරින් Monday, 15 July 2024 02:07 PM

එතකොට අර පසුගිය දින 52 කාලේ අගමැතිකම නැතිවුණු වෙලාවේ උසාවි ගිහින් අගමැතිකම රැකගන්න උසාවියේ පිහිට පැතුවේ අහවල් එකටද?

:       7       24

විජිත් Monday, 15 July 2024 03:24 PM

මේ මොලේ අමාරුකාර නාකි නරියා ඉල්ලගෙන කනවා. ණයට ගත්තු "මුක්තිය"ද මොකක්ද මළ ජරාවට මුවාවෙලා මෙයා මේ කරන්නේ අධිකරණයට කෙලින්ම අපහාස කිරීමක්. පුදුම වෙන්න දෙයක් නැහැ..., මාමා කියන කෙනා අපේ රට විනාශ කරන්න මගපාදපු අය අධිකරණයේ විනිශ්චය කාරවරුන්ගේ ගෙවල්වලට බොරු චන්ඩි ලවා ගල් ගැස්සුවේ. මෙයා එයාගේ බෑණා. හැබැයි., තවමාස කිහිපයකින් පසු මැතිවරණය තියෙනවා. අනිවාර්යයෙන්ම පරදිනවා..!!! ඊට පස්සේ මුක්තිය ඉවරයි... බල්ලා මාක්...

:       7       21

ගමේ එකාලා Monday, 15 July 2024 04:32 PM

කිසිම ජනවරමක් ,,ජන ප්‍රසාදයක් නැති ,ගෝඨාගේ ධූර කාලය පුරවන්ඩ දාපු පින් ජනපතියා ගේ මොලේ කොලොප්පම් වෙලා? රටේ යුක්තිය නීතිය සාධාරනය වෙනුවෙන් පෙනී සිටින්නේ අධිකරණය ..දූශිත දේසපාලුවෝ හැම දේටම ඇගිලි ගහන එකයි කරන්නේ?

:       0       1

Warnasinghe Monday, 15 July 2024 04:52 PM

ජනතාවට අල්ලස් දීම නවතලා බඩු ටික පැක් කරගන්න

:       4       8

ranjith Tuesday, 16 July 2024 06:17 AM

කොළඹින් මනාප චන්ද කීයද ගත්තේ මතක නැතුව ඇති

:       0       0

samitha Tuesday, 16 July 2024 08:10 AM

අධිකරණ බලය ඇත්තේ අධිකරණයටයි. පාර්ලිමේන්තුවට ඇත්තේ ව්‍යවස්ථාදායකය බලය හෙවත් නීති සම්පාදනය කිරීමේ බලයයි. පාර්ලිමේන්තුවට විධායක බලයක් නැත. මේ යකා හැරෙන්නෙම පොල් පැලේ කන්න මයි

:       0       1

Sumi Tuesday, 16 July 2024 08:33 AM

රනිල වැඩ්ඩෙක් නෙවෙයි...ගොබ්බයෙක් කියල තාමත් අපේ මිනිස්සුන්ට තෙරෙන්නෙ නැත්නම් උන් ඔක්කොම ගොබ්බයො තමයි. 1977 ඉදල ඔය මිනිහ පාර්ලිමේන්තුවෙ. රටට හෙනයක් මිසක් යහපතක් කරල තියෙනවද කවදවත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site