
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ වීමෙන් ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මේ දක්වා නිලධාරී තනතුරු පිරවීම කෙරුණේ දැනට සේවය කරන නිලධාරීන් උසස් කිරීමේ ක්‍රමවේදය අනුවය.
මෙලෙස බාහිරෙන් පුද්ගලයන් බඳවා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ සේවය කරන සේවකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව එහි බොහෝ පිරිස් රජයට පෙන්වා දෙති.
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට මෙසේ බඳවා ගැනීමට යන බව පැවසෙන්නේ රජයේ පරිපාලන සේවයෙනි.
පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡාවකදී පසුගියදා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත.
මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව ගෙවීම ආර්ථික ගැටලු සැලකිල්ලට ගෙන නතර කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්ද සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි වාර්තාවේ.
මෙය එම සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ ගෙවූ දීමනාවකි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුවේ ලොකු පුටුවලට පිටින් කට්ටිය සේවකයන්ගේ විරෝධය
බකල ජයා Saturday, 04 January 2025 03:51 PM
අනේ අපිට පුරුදු පරිදි පාඩුවේ හොර කර කර, ඉන්න දෙන්නෝ... නැතිනං අපි කෑගහනෝ...
පිටිගල මිලානෝ Saturday, 04 January 2025 04:48 PM
පාරම්පරික ක්‍රමවේද අනුව නොව සුදුස්සාටයි සුදුසු තැන ලැබිය යුත්තේ. ඔතැන ගොඩක්ම ඉන්නේ පිටින් ආපු මැක්කෝ…. අර එංගලන්තේ මහකොමසාරිස් කාර්යාලයෙන් ඔතැනට පාත්වූ මැදමුලනට පමණක්ම සේවය කරපු කෙනාද ඇතුළුව… ඔතන ඉන්න නෝනාගේ මහත්තයාට අළුත් ජොබක් සාටක කට්ටිය අලුතින් හදලයි මැක්කෙක් විධියට ඒ දවස්වලම ප්ලාන්ට් කලේ…. අපි නොදන්නා පාර්ලිමේන්තුව…
Tharindu Saturday, 04 January 2025 05:26 PM
කොහෙන් බැලුවත් ලේ උරා බොන කූඩැල්ලන් වැනි තනතුර තාත්තාගෙන් පුතාට යන මානසික මට්ටමේ මිනිසුන්ය. මේ නාරාවල පිරිසිදු කිරීම පහසු නැත. දේශපාලන මත, මාධ්‍ය (සාමාජ, ඇතුළු නොයෙකුත්) විවිධ සංවිධාන පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද එසේමයි... රට හැදීමට අවංකවම ලැබෙන්නා වූ අවසාන අවස්ථාව මෙය වනු ඇත.
bandula Saturday, 04 January 2025 05:57 PM
අවුරුදු 20-25 තිස්සේ ඇතුලේ 225 අය ගේ ගමේ අය පවුල් පිටින් බඳවා ගත් බව සැවොම දනිති.
විපරමා Saturday, 04 January 2025 06:13 PM
අම්මා අප්පගේ බූදලේ කියලා හිතාගෙන ඇති .
Perera Saturday, 04 January 2025 07:26 PM
මුලින්ම ආයතනයක විනයක් තියෙන්න ඕනෑ. මොවුන්ගේම ක්‍රමවේද අනුව නොවේ වැඩ සිද්ද විය යුත්තේ...
Priyantha Batagoda Saturday, 04 January 2025 09:09 PM
ඉතාම හොඳ වැඩක්..ඕකේ ඉන්න එවුන් හිටපු එවුන්ට පන්දම් අල්ලලා ආපු උන්ගේ හෙංචයියෝ.ඕකුන් තමයි යටින් ගේම ගහන්නෙ මේ ආණ්ඩුවට විරුද්ධව..ඕකුන්ට උසස්වීම් නෙමේ පුළුවන්නම් VRS එකක් දීලා ඔවුන්ව ගෙදර යවලා ඒ වෙනුවට වෙනත් සේවකයන් බඳවගන්න ඕනා.
Lalla Saturday, 04 January 2025 11:02 PM
බාහිරින් තරුණ සුදුසු පුද්ගලයින් 1:1 අනුපාතයට විධායක තනතුරුවලට ගත යුතුයි. නව අදහස් සහ දැනුම සමග කාර්යක්ෂමතාවය ඉහළ යාම අත්‍යාවශ්‍යයි. නැතිව ආයතන එක තැන පල්වන මඩවලවල් තත්ත්වයට පත්වෙනවා...!
Eddie Saturday, 04 January 2025 11:04 PM
පාර්ලිමේන්තුව සුද්ද කරන්න..!
Gunasekera Sunday, 05 January 2025 08:42 AM
රටේ සිස්ටම් චේන්ජ් කරන්න ජනතාව 2/3 බලයක් ලබා දී ඇත. රාජ්‍ය ආයතන සියල්ල එයට අනුගත විය යුතුයි. පාර්ලිමේන්තුව පමණක් පැරැණි ක්‍රම රකින්නට අවශ්‍ය නැත...
ගාමිණී Sunday, 05 January 2025 12:32 PM
කථා නායකගේ හිස් වැසුමේ ප්‍රශ්නයේ සිට සිදු වූ සමහර දේවල් බලනවිට ඔතැන සිටින වුන් සේවය කරන්නේ කා වෙනුවෙන්ද කියා පැහැදිලියි. හොඳ දේ වෙනුවෙන් රටේ මහ ජනතාව රජය සමග බැවින් කිසිඳු විරෝධතාවයන්ට හිස නැමිය යුතු නැත.
sam Sunday, 05 January 2025 12:36 PM
ඕක පුරාම ඉන්නේ ජොලියගේ, මයිනගේ, පොලියගේ නෑයෝ. ඔවුන් ඔක්කොම එළවා දාන්න ඕනේ. පට්ට ගසාකාපු අය ඉන්නේ. හොඳ අය කීප දෙනයි ඉන්නේ.
Bunny Preena Monday, 06 January 2025 11:29 AM
මොවුන් ඔක්කොමලා තුවාලය තියෙන හිඟන්නෝ වගේ... තුවාලය සනීප කරනවාට කැමතිම නෑ.