(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව නව වසරේ රැස්වන දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12) තීරණය කළේය.
මේ අනුව පාර්ලිමේන්තුව ලබන වසරේ පළමු වරට රැස්වන්නේ ජනවාරි මස 5 වැනිදාය.
පාර්ලිමේන්තුව නව වසරේ ජනවාරි මස 17 වැනිදා රැස්වීමට මීට ඉහතදී තීරණය කර තිබිණ.
මේ අතර මේ වසරේ අවසාන පාර්ලිමේන්තු රැස්වීම හෙට (13) පැවැත්වේ.
මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම අද (12) දින සිදු කෙරේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (12) පෙරවරුවේ රැස්විය.
මේ අනුව පාර්ලිමේන්තුව අද රැස්වීමෙන් පසු නැවත රැස් වන්නේ දින විසි තුනකට පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය විගඩම් මඩුව රැස් වුනා කියලා , මෙ මාස ගානට රටෙ තත්වය යහපත් කරන්න එකම තිරණයක් වත් ගත්තෙ නැති හරක් ගාල.. මිනිස්සුන්ගෙන් බදු ගහලා ලැජ්ජ නැතුව එ බදු මුදලින් සවාරි ගහන හොරිකඩයො. .